-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නව පරපුරේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම මෑතකාලිනව වඩාත් කතා බහට ලක්වුයේ එහි දක්ෂ ගායකයෙකු වූ උදය ශ්‍රී ඉන් ඉවත්වීමත් සමගය.

කණ්ඩායමෙන් දිගින් දිගටම එල්ලවූ අසාධාරණයන් දැරිය නොහැකි තැන එම තීරණය ගත් බව උදය ශ්‍රී මාධ්‍යයට පවසා තිබුණි.

සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම උදයගේ ඉවත්වීම ගැන කිවේ "කණ්ඩායම ඇතුලේ කිසි කෙනෙකුට පොර වී කැපී පෙනීමට" නොහැකි බවයි.

කෙසේ නමුත් තවමත් උදය ශ්‍රී හා සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායම අතර සීතල යුද්ධයක් පවතින අතර පසුගියදා උදය ඇතුළු සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම ඉගෙන ගත් පාසල වූ නුගේගොඩ සෙන්ට් ජෝන් විද්‍යාලයෙහි සැණකෙළියක් සංවිධානය කොට තිබු අතර එයට උදය ශ්‍රී හා සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමට වෙන වෙනම අරාධනා කොට තිබුණි.

නමුත් උදය ද එම ප්‍රසංගයට සහභාගී වීමට යන බව දැනගත් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම විසින් අවසාන මොහාතේ ඔවුන්ගේ පැමිණීම අවලංගුකොට ඇත.

කෙසේ නමුත් මේ වනවිට සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ ඉසුරු උදය නිල වශයෙන් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තිබෙනවා.

අප වෙත වාර්තා වන්නේ ඔහුගේ ඉවත්ව යාම පිටුපස සංගීත කණ්ඩායම සමග මුදල් ගැටළුවක් තිබු බවයි. දවසින් දවස සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් ඉවත්ව යද්දී සෙන්ටිග්‍රේඩ්ස් හි ජනප්‍රියත්වයට පත් මුල් අනන්‍යතාවය හීන වී යමින් පවතී.

ඉවත්වූ ඉසුරු දසුන් සිය ෆේස්බුක් ගිණුමේ එය සඳහන් කොට තිබුනේ මෙලෙසිනි.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos