කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති වරයා ඇතුළු තිදෙනෙක්ට අද දහවල් පිරිසක් විසින් පහර දි තිබේ.
ඇඩ්ස දහවල් 12ට පමණ පාසලට පැමිණි එම පාසලේම ආදී ශිෂ්‍යයින් යයි කියන තිදෙනෙකු විසින් විදුහල්පතිවරයාටත් නියෝජය විදුහල්පතිවරයාටත් තවත් ගුරුවරුන් දෙදෙනෙකුටත් පහර දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.
ධර්මපාල විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් කිහිප දෙදෙනෙක් වෙනට්ය්හ් පාසලකට මාරුකර යැවීම හේතුවෙන් විදුහල්පති වරයා සමග ඇතිවූ අමනාප කමක් මත මෙම ගැටුම ඇතිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
පහර දීම සිදුකල අය හඳුනාගෙන ඇති අතර ඔවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන බවත් මේ සම්බන්දයෙන් තුවාල ලැබූ විදුහල්පති නියෝජ්‍ය විදුහපති සහ ගුරුවරුන් දෙදෙනාගෙන් කටවුත්තර ලබා ගෙන ඔවුන් රෝහල් ගත කරන බව පොලීසය වැඩි දුරටත් පැවසිය.