-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිළියන්දල සෙන්ට් මිචෙල් උද්‍යානයේ පිහිටි එස්. ඇන්ඩ් ඩී ඇසෝසියේට් කර්මාන්ත ශාලාව වෙත නිකුත් කර තිබු පරිසර ආරක්ෂක බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය මඟින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.
පිළියන්දල, බටකැත්තර ප්‍රදේශයේ සෙන්ට් මිචෙල් උද්‍යානයේ පිහිටි එස් ඇන්ඩ් ඩී ඇසෝසියේටඩ් කර්මාන්ත ශාලාවේ ඊයේ (22) වන දින අලුයම සිදුවු හදිසි වායු විමෝචනයක් හේතුවෙන් සැර ගන්ධයක් නිකුත් වී ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට පීඩාවක් සිදුවු බව වාර්තා විය. ඒ පිළිබඳ වහා ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරිය අදාළ කර්මාන්ත ශාල‍ාව පිහිටි ස්ථානයට නිලධාරින් කණ්ඩායමක් යවා ස්ථානී පරීක්ෂණයක් කිරීමට පියවර ගත් අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම කර්මාන්ත ශාලාව වෙත නිකුත් කර තිබු පරිසර ආරක්ෂණ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මෙම කර්මාන්ත ශාලාව තුළ ක්ෂාලක හා පිරිසිදු කාරක ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන අතර එහිදී හදිසියේ වායු විමෝචනයක් සිදුවු ආකාරය සහ එහි පවතින තත්ත්වයන් පිළිබඳ තවදුරටත් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර ජාතික පාරිසරික පනතේ 23 (ඈ) වගන්තියට අනුව අදාළ කර්මාන්ත ශාලාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කර ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට 
මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
මෙම සිදුවීම පිළිබඳ වහා අවධානය යොමු කළ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මෙම සිදුවීම පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් හා කාර්මික තාක්ෂණික ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශයයි.

සති 2 ක් ඇතුළත සවිස්තරාත්මක වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන අතර එම වාර්තාව පදනම් කරගනිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බැව් සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos