-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වාසුදේව නානායක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, මර්වින් සිල්වා, ජගත් පුෂ්පකුමාර, මහින්දානන්ද අලුත්ගමගේ යන ඇමැතිවරුන් සහ පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ යන ඇමැතිවරුන් අතර කැසිනෝ පනතට අදාළව පසුගිය 24දා අමාත්‍ය මණ්ඩලයේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙහිදී අදාළ ඇමැතිවරුන් දෙපැත්තට බෙදී ආවේගශීලී ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. කැසිනෝ පනත හෙවත් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින්ද සමන්විත සුපිරි හෝටල් දෙකක් ඉදිකිරීම පිළිබඳ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත එදින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

මේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයා දිගින් දිගටම පවසා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට කාලය ලබා නොදී හදිසියේ ඉදිරිපත් කිරීම ගැටලු සහගත බවයි. පිළිගත් ක්‍රමවේදයට අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර එහි පිටපත් ඇමැතිවරුන්ට ලබාදෙන බවත්, මේ පනත් කෙටුම්පතට අදාළව එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම ගැටලු සහගත බවත් චම්පික රණවක ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මෙහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ කැසිනෝ පනත ආණ්ඩුවේ මෙන්ම ජනාධිපතිවරයාගේද ප්‍රතිරූපයට හානිදායක බවයි. පසුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියල්ලන්ගේම ප්‍රතිරූපය වරින් වර බිඳවැටී ඇති බවත්, එය අමතක නොකළ යුතු බවත්ය.

කෙසේ වෙතත් ඉහත නම් සඳහන් අනෙකුත් ඇමැතිවරුන් මෙහිදී පවසා ඇත්තේ මෙය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කළ යුතු බවයි. එමඟින් දැවැන්ත ආයෝජන මෙරටට ලබාගත හැකි බවත්, මෙරට ක්‍රියාත්මක නීති පද්ධතියට අනුව එම ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩදිය හැකි බවත් අදාළ ඇමැතිවරුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.මේ තත්ත්වය මත අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සතියකින් කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos