සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි නිවෙසක මව රැකියාවක් සොයා කොළඹ ගොස් සිටියදී 18 හැවිරිදි දියණිය දින හයක් තිස්සේ දූෂණය කළ පියා අවසානයේ වස බී සියදිවි හානිකරගෙන තිබේ. මියගිය පුද්ගලයා තිදරු පියෙකි.
මේ සිද්ධියට මැදිවූ දියණිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කොට ඇත. පසුගිය 5 වැනි දින සිට මෙසේ පියාගෙන් අතවරයට ලක්වූ තරුණ දියණිය, මව ආපසු නිවෙසට පැමිණීමෙන් පසු ඒ බව මවට පවසාවි යැයි යන බියෙන් පියා වස බී සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය කියයි.
පියා වස බී සියදිවි හානිකරගැනීම නිසා සිද්ධිය වසංකරගෙන සිටි පවුලේ අය පෙරේදා (24දා) ඒ පිළිබඳව සියඹලාණ්ඩුව පොලිසියට පැමිණිලි කොට තිබේ.
වස බී සියදිවි හානිකරගෙන ඇත්තේ 40 හැවිරිදි විජිත සුගත් කුමාර නමැත්තෙකි. ඒ පිළිබඳව මොනරාගල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලිසියේ කාන්තා විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.