-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රට තුළ කිරිපිටි හිගයක් ඇති බවට මවාපාමින් යළිත් වතාවක් මාරාන්තික කිරිපිටි රටේ ජනතාවට පෙවීමට උත්සාහයක් පවතින බැවින් වහාම ආහාර කමිටුව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කිරිපිටි ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් නොවන බවට වූ සත්‍යය රටට හෙළිකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.

කිරිපිටි මිනිස් ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් නොවන බවත්, කිරිපිටි නොබිව්වා කියා කිසිදු පුද්ගලයකු මෙතෙක් මියගොස් නොමැති බවද එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා සදහන් කළේය.

වර්තමානයේ නිපදවන කිරිපිටි වල ශරීර සෞඛ්‍යට අහිතකර දෑ ඇති බව පසුගිය කාලයේදී සොයාගත් බැවින් ලාංකීය වෙළද පොළ තුළින් යම් යම් කිරිපිටි වර්ග ඉවත් කිරීමට කටයුතු කළ බවද ඔහු පවසා සිටියේය.

මෙලෙස කිරිපිටි ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබදව තමන්ට මරණ තර්ජන එල්ල වූ බව ආහාර කමිටුවේ සභාපති තනතුර සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර දරන නිලධාරියා පසුගියදා මාධ්‍යට ප‍්‍රකාශ කර තිබූ බවද හෙතෙම සදහන් කළේය.

මෙවැනි තත්ත්වයක් සැබෑ ලෙසම සිදුවී තිබේනම් එය බරපතළ බවත්, මේ තුළින් සිදු වන්නේ රටේ ජනතාවට සුරක්ෂිත ආහාරපාන නොලැබී යෑම බවද වෛද්‍යවරයා කියා සිටියේය.

මීට අමතරව රට තුළ කිරිපිටි හිගයක් මවා පා වෙළද සැල් තුළින් ඉවත් කළ කිරිපිටි යළි වෙළද පොළට නිකුත් කිරීමේ උත්සාහය වළක්වා ගැනීමටද වගකිවයුත්තන් කටයුතු කළයුතු බවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
කිරිපිටි වලින් ලැබෙන ගුණයම,ආහාර ද්‍රව්‍ය වලින් ලබා ගැනීමට හැකි බවට පෝෂණවේදීන් පෙන්වාදී තිබෙන බැවින්, ඒ පිළිබදව රටට හෙළි කිරීමට කටයුතු කළයුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos