-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගස්වල සල්ලි නොහැදෙන නමුත් රත්රන් සැදෙන බව ඔස්ට්‍රෙලියානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඔස්ට්‍රෙලියානු පර්යේෂකයින් කණ්ඩායමක් මේ අනාවරණය සිදුකර ඇත්තේ එරට යුකැලිප්ටස් ගස් සම්බන්ධයෙනි.
පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥයින් පිරිසක් මෙම සොයා ගැන්ම සිදුකර ඇත්තේ 1800 ගණන් වලදි රන් පිස්සුවක් ඇතිකළ බටහිර ඔස්ට්‍රෙලියාවේ රන් සම්පතින් සපිරි කාල්ගූර්ලි කලාපයේ දීය.
ඔවුන් පවසන්නේ එම භූමියේ මීටර් 30 ක් පමණ ගැඹුරේ පවත්නා රන් අංශු මේ කලාපයේ වැවෙන යුකැලිප්ටස් වෘක්ෂයේ මූල් මගින් උරාගන්නා බවය. මීටර් ගණන් ගැඹුරට විහිදෙන යුකැලිප්ටස් මුල් ජල පොම්පයක් ලෙස ක්‍රියා කරමින් රන් අංශු සහිත ජලය ඇදගන්නා නමුත් එම ලෝහය ගසට අහිතකර බැවින් ඒවා අතු පතර හා කොල වෙතට ගමන් කරමින් ඒ මගින් පොලවට වැටෙන බව පර්යේෂකයින්ගේ මතය වී තිබේ.
ගසේ කොළ අභිවර්ධිත එක්ස්රේ ප්‍රතිරූප මගින් විමර්ශනය කිරීමේදී මිනිස් හිසකේ ගසකින් 1/5 ක ප්‍රමාණයක රන් අංශු එහි අඩංගුව පවතින බව සොයාගෙන තිබේ. මේ නිසා මංගල රන් පටක් සැදීමට පවා යුකැලිප්ටස් ගස් 500 කින් පමණ රන් ලබා ගත යුතුව ඇති බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos