-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වයඹ පළාතේ නොවිසඳුන ප‍්‍රශ්න රැසක් ඇතත් ඒවා විසඳීම වෙනුවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ප‍්‍රශ්නවලට තිරිංග දමන්නේ නම් එවැන්නක් වයඹට වැඩක් නැතැයි වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද පැවැති වයඹ පළාත් සභාවේ මංගල සැසිය ආරම්භ වූ අවස්ථාවේදී අණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් දක්වමින් ප‍්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. උපදේශක කාරක සභා පිළිබඳව සඳහන් කළ ප‍්‍රධාන අමාත්‍යවරයා ඒවායෙහි අතීතය සොයා බැලූ බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දුර්වලතා අඩුපාඩු රාශියක් දුටු බවද සඳහන් කළේය. එසේම ඒ පිළිබඳ යම් තීන්දුවක් ගතයුතු බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.
මෙතෙක් තමා සතුව ඇති පාර්ලිමේන්තු අත්දැකීම් අනුව උපදේශක කාරක සභා තුළින් මන්තී‍්‍රවරුන්ට අමාත්‍යවරුන්ගෙන් වැඩ ගැනීමට ඇති හැකියාව පිළිබඳ දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ය. පවතින නීති රීති වැඩ කිරීමට මිස වැඩ පිටුදැකීමට පාවිච්චි නෙකරන ලෙසද ප‍්‍රධාන අමාත්‍යවරයා සභාවෙන් ඉල්ලා සිටියේය.
වයඹ ආණ්ඩුකාර තිස්ස බලල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ‘සශ‍්‍රී’ ශාලාවේදී 6 වන වයඹ පළාත් සභාවේ කටයුතු ඇරඹිණ. වයඹ යළාත් සභා සභාපති ධර්මසිරි දසනායක මහතාගේ ආරාධනයෙන් පළාත් සභා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට කළ ආරාධනයෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් 6වන වයඹ පළාත් සභා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සභාගත කළේ ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos