-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නැගෙනහිර යුරෝපානු රටක රජයෙන් පාලනය වන ළමා අනාථ නිවාසයක දී තමාට බිලිඳියක් පැහැරගන්නටම සිතුණු බව හැරී ‍පොටර් ‍ලේඛිකා ජේ.කේ. රෝලිං හෙළිදරව් කර ඇත. ළමා නිවාසයකට වඩා සිරගෙදරකට නෑකම් කියන ළමා නිවාසයක සංචාරයේ යෙදී සිටිය දී තොටිල්ලක දමා සිටි බිලිඳිය මෙසේ තමාට ගෙන එන්නට සිතුණු බව ඇය පවසා ඇත.
“මම හරිම සංවේදී කෙනෙක්. මේ වගේ සිතුවිලි එක්ක මම හරියට සටන් කරනවා. එතැන හිටියා එක දරුවෙක්. ඇය ගැහැනු ළමයෙක්. ඇගේ තොටිල්ල දිහා බලාගෙන ඉඳිද්දී මට හිතුණා මම ඇය රැගෙන යා යුතුයි කියලා.”
බ්‍රිතාන්‍යයේ The Mail පුවත්පතේ කතුවරිය සමග සංවේදී සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් රෝලිං මේ බව කියා සිටියාය. මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කළේ රෝලිංගේLumos නම් ළමා සුබසාධන වැඩසටහනේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටය.
“ඒක හරි මෝඩ සිතුවිල්ලක්. ඒත් මානුෂික හැඟීම් එහෙමයි. ඒ දරුවා නිවසට රැගෙන යන්න පුළුවන්කමක් මට නැහැ. ඒත් අම්මා කෙනෙක් විදියට හිතද්දී මම මේ දරුවා රැකගන්න ඕන කියන සිතුවිල්ල ඔබටත් එන්න පුළුවන්.”
එහි දී රෝලිං වැඩිදුරටත් සඳහන් කර ඇත.
රෝලිං ද දරුවන් තිදෙනකුගේ මවකි. ඇගේ මුළු ධනය පවුම් මිලියන 560ක්ව තිබියදීත් මුදල් ගැන තමා තවමත් වෙහෙසෙන බව ද ඇය හෙළිදරව් කර ඇත.
“මම ඒ කා‍ලේ ඉතා දුප්පත් කෙනෙක්. තනි මවක්. මට මතකයි මම නොකා හිටපු වේල් ගණන. මොකද මම කෑවොත් මගේ දුවට කන්න ලැබෙන්නේ නෑ. එක සතයක්වත් නැතුව ගෙවුණු දවස් තිබුණා. සමහර රාත්‍රීන්වල මගේ කෑම වේ‍ලේ තිබුණේ බිස්කට් එකක් එක්ක තේ කෝප්පයක් විතරයි. ඉතින් මුදල් වැරදි විදියට පරිහරණය කරන්න මට හිතෙන්නේ නැහැ. මම කැමැති නැහැ මගේ දුවට කියන්න අපිට හොඳ ගෙයක් තිබුණා දැන් මෙහෙම වුණාට කියලා.” ඇය කියන්නීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos