-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අම්බලන්තොට ලුණම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි එම්. එම්. ගුණදාස මහතාගේ නිවසට විදුලිය ලැබී නැතත් විදුලි බිලක් ලැබී ඇතැයි වාර්තාවේ.එයට තම විරෝධය පළ කරමින් ඔහු අද (28) පෙරවරුවේ අම්බලන්තොට ඔරලෝසු කණුව මතට නැගී පැය 4 කට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වී තිබේ.
ඔහු පවසන්නේ තම නිව‍සට විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර තිබුණද ප්‍රදේශයේ ග්‍රාමනිලධාරිණිය තමන් සමග ඇති පෞද්ගලික අමනාපකමක් මත විවිධ කරුණු කියමින් තමන්ට විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලිවලට හෝ තවමත් අත්සන් කර දී නොමැති බවයි.
කෙසේ නමුත් පොලීසිය පැමිණ ඔහු බිමට බස්සවා “විදුලබල මණ්ඩලයට ගිහින් මේක හදාගන්න” පවසා තිබේ. එහෙත් ගුණදාස මහතා පවසන්නේ “ලයිට් නැතුව මට බිල එවපු මන්ඩලේට මම මොකටද යන්නේ” යනුවෙනි.
මෙවැනිම හතරබීරි සිදුවීමක් පසුගියදා මැතිවරණ ලේකම් කාර්යාලයෙන්ද සිදුකර තිබුණි. ඒ පසුගියදා පැවති මැතිවරණයකට ඉදිරිපත්වූයේ යැයි පවසමින් මැතිවරණයකට ඉදිරිපත්නොවූ පුද්ගලයෙකුට තම වත්කම් බැරකම් ප්‍රකාශ එවන ලෙස  දන්වා යවා තිබීමය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos