-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන අතුරුදන් විම්, පැහැරගැනීම් ඇතුළු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇති වාර්තා චිත්‍රපටයක් ඉන්දීය ජාතික අධ්‍යක්ෂකවරියක් විසින් නිපදවා තිබේ.

ලීනා මනිමේකලායි නැමත්තිය විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය “වයිට් වෑන් ස්ටෝරිස්“ ලෙස නම් කර ඇති බව සඳහන් වෙයි.
ලීනා මනිමේකලායි චෙන්නායි හි ජීවත් වන්නියක් වන අතර කිවිඳියක් මෙන්ම කාන්තා හිංසනයට එරෙහි ක්‍රියාකාරිනියක් ද වන බව පැවසෙයි.
මෙම චිත්‍රපටය ලබන මසදී එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව මඟින් විකාශය කිරීමට නියමිත බවද සඳහන් වෙයි.

පැය දෙකක කාලයක් දිවෙන මෙම වාර්තා චිත්‍රපටය අමෙරිකාවේ ජාත්‍යන්තර සී.එන්.එන් නාලිකාව සහ ඔස්ට්‍රේලියානු ඒ.බි.සි නාලිකාව ඔස්සේ විනාඩි 12ක කාලයක් චිත්‍රපටය පිළිබඳ සැකසුණු වැඩසටහනක් විකාශය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලබන මස පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් මෙම “වයිට් වෑන් ස්ටෝරීස් “ නැමති චිත්‍රපටය නිපදවා විකාශය කරන බව සඳහන් වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos