හිරිමල් වියේ පිරිමි දරුවන් අපචාර ක්‍රියාවකට යොදා ගැනීම ගැන නිතර චෝදනා, නඩුහබ, කතාබහ ඇති වන්නේ පිරිමින් පිළිබඳවය. නමුත් ඉතාමත් කලාතුරකින් වයස 16 ට අඩු හිරිමල් වියේ පිරිමි දරුවකු අපචාරයට යොදා ගැනීම පිළිබඳව වලගම්බාහුව, වනමල් උයනේ කාන්තාවකට එරෙහිව උතුරු මැද පළාත්බද මහාධිකරණය මගින් අධිචෝදනා භාරදී ඇත.
මේ පිළිබඳව මූලික විමර්ශන සිදු කර ඇත්තේ තිරප්පනේ පොලිසිය මගිනි. මීට පෙර මෙම නඩුව විභාග වූයේ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයේදීය. පසුව මේ පිළිබඳව නීතිපතිවරයා විසින් දණ්‌ඩ නීති සංග්‍රහයේ "365- අ. 2" වගන්තියට අනුව මෙම වගඋත්තරකාර කාන්තාවට අධිචෝදනා භාරදීමට පියවර ගෙන ඇත.