-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ රහසිගත සම්බන්ධකම් පවත්වන ඇමැතිවරුන්ගේ  ලැයිස්තුවක්  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ සමඟම ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති - ඇමැතිවරුන්ට අදාළව විශේෂ  විනය නීති මාලාවක් ක්‍රියාත්මක කිරීමටද  ආණ්ඩුව සැලසුම් කර ඇත.
 අදාළ ඇමැතිවරුන් හිටපු ජනාධිපතිවරිය සමඟ පැවැත් වූ සාකච්ඡාවලට අදාළ තොරතුරු පටිගත කරන ලද දුරකතන සංවාද ඇතුළු  සාක්ෂි රැසක් මෙලෙස ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම සාක්ෂි මේ දිනවල විධිමත් පිළිවෙළකට  සකස් කෙරෙමින් පවතින බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ.

වයඹ සහ මධ්‍යම පළාත් සභාවල සභාපතිධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය මත වයඹ පළාත් සභා මන්ත්‍රි ධර්මසිරි දසනායක මහතාගේ සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි නිමලසිරි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමත් සමඟ පළාත් සභා සහ  පළාත් පාලන  ආයතන නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් දිගින් දිගටම  විමසා ඇත්තේ ඇමැතිවරුන්ට අදාළව පක්ෂයේ වෙනම නීතියක්  ක්‍රියාත්මක වන්නේද යනුවෙනි.

පහළ මන්ත්‍රිවරුන්ට අදාළව ගනු ලබන විනය පියවර ඇමැතිවරුන්ට අදාළවද ක්‍රියාත්මත කළ යුතු බව මේ මන්ත්‍රිවරුන් විසින් දිගින් දිගටම අවධාරණය කර තිබේ. මේ තත්ත්වය නිසා ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර ඇත්තේ ඇමැතිවරුන්ගේ රහසිගත ගනුදෙනු පිළිබඳ බුද්ධි අංශ මඟින් ලබාගත් තොරතුරු ප්‍රසිද්ධ කිරීමටය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos