-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කසිප්පු නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරින්ට පොල්ලකින් පහර දීමට උත්සහ කළ බව කියන සැකකරුවෙකු ගෝඩා තොගයක්ද සමග හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමගම පොලිස් නිලධාරින් විසින් තමන්ට පහර දුන්නේ යැයි පවසමින් තවත් අයෙකු ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන සහ රෝහල්ගත කර ඇත්තේ ආරච්චිකට්ටුව , සෙංගල්ඔය පදිංචි සහෝදරයින් දෙදෙනෙකුය. බදාදා (16) සවස මෙම සිද්ධිය වී ඇත.
ආරච්චිකට්ටුව , සෙංගල්ඔය ප්‍රදේශයේ සිදුකර ගෙන යන බව කියන මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට බදාදා (16) සවස හලාවත පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි බව කියන එක් අයෙක් පොල්ලක් ගෙන පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සහ කර ඇත. පසුව පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබූ බව කියන කසිප්පු නිපදවීමට ගන්නා ගෝඩා ග්‍රෑම් 4380 ක් අඩංගු බැරල් 02 ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජුඩ් සමන්ත

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos