කොළඹ සිට කටුනායකට විනාඩි 20 ක් තුළ ගමන් කිරීම සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වැඩකටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය නව කැළණි පාලම අසලින් ආරම්භ වන අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රවේශ මාර්ගයෙන් අවසන් වේ. මෙම මාර්ගයේ මුළු දිග ප්‍රමාණය කිලෝ මීටර් 25.8 වේ.
මෙම ව්‍යාපෘතිය ඉදිවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 248.2 ක චීන එක්සිම් බැංකුවේ ණය ආධාර හා ඇමරිකානු ඩොලර් මිලියන 45 ක ශ්‍රිලංකාවේ ආයෝජන යටතේය.
ණය කොන්දේසි අනුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ චීන සමාගමක් විසිනි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙන් නොව මෙම අධිවේගී මාර්ගයේ නාම පුවරු සඳහා නවීන ඩිජිටල් නාම පුවරු සවිකිරීමට කොන්ත්‍රාත් සමාගම වන China Metallurgical Group Corporatio සමාගම පියවරගෙන තිබෙනවා.
එම නාම පුවරුවන්හි චීන භාෂාව ඇතුලත් වදන් සහිත ජායාරූප අන්තර්ජාලයට එක්වීමත් සමග ඒ පිලිබඳ කතාබහක් ගොඩනැගී තිබුනා. මේ පිලිබඳ වැඩිදුර සොයාබැලූ තිස්තුන්දාහේ අප එම ව්‍යාපෘතිය බාරව කටයුතුකරන වගකිවයුතු නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව විමසා සිටියා.
එහිදී ඔහු අප සමග කියා සිටියේ එම නාම පුවරු සවිකරේ මෑතකදී බවත් තවමත් ඒවා පරීක්ෂණ මට්ටමේ පසුවන බවත්ය.
පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නාම පුවරුව සිංහල, දෙමල, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම දීමට අදහස්කොට තිභෙන බව ඔහු අප වෙත වැඩිදුරටත් හෙළිකොට සිටියා.
කෙසේ නමුත් පසුගියදා පැවති කොළඹ දකුණ වරායේ විවෘත කිරීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය නොකිරීම, ශ්‍රීලංකා කොඩි අභිබවා චීනයේ කොඩි ඔසවා තිබීම විපක්ෂයේ දෝෂදර්ශනයට ලක්ව තිබුණි.