පසුගියදා පැවති පළාත් සභා මැතිවරණයේදී පාවිච්චි කරන ලද ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් තුළ තිබී හමුවී තිබේ.
ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ස්ථානයක් වන අතර එහි තිබී ඡන්ද පත්‍රිකා අඩංගු පොලිතින් උර 03 ක් ප්‍රදේශවාසියෙකුට හමුවී ඇත.
මේ සම්බන්ධයෙන් පුත්තලම තේරීම් බාර නිලධාරිවරයාට, සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලීසියටද ප්‍රදේශවාසීන් විසින් දැනුම් දී ඇති අතර එම නිලධාරීන්ද ඡන්ද පත්‍රිකා තොගය ඇති විද්‍යාලයට පැමිණ පරීක්ෂණ සිදු කර තිබේ.
එම ඡන්ද පත්‍රිකා තොගය ගණන් කර අදාළ පොත් පත් වල සටහන් කිරීමෙන් පසුව දිසා ලේකම් කාර්යාලයේ ගබඩාව වෙත ගෙන යාටම අතපසු වුවා බවද පැවසේ.