-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සිරියාවට මායිම්ව ඇති ගිනිකොනදිග තුර්කිය තුළ ආරක්‍ෂාව තර කිරීමේ ක‍්‍රියාමාර්ගයක ලෙස ඒ ප‍්‍රදේශයේ අතිරේක පාබල හමුදා සහ යුද්ධෝපකරණ ස්ථානගත කිරීමට තුර්කිය විසින් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සුරුක් නගරය වෙත අතිරේක හමුදා යැවූ බවද සන්නද්ධ රථ සහ යුධ ටැංකි පැටවූ ප‍්‍රවාහන රථ ගාසියාන්ටෙප් නගරය වෙත ගොස් ඇතැයිද තුර්කි පුවත්පත් වාර්තා සඳහන් කර තිබේ.  හරියෙට් පුවත්පත පවසන්නේ සිරියානු දේශසීමාවට ඉහළින් තුර්කි ප‍්‍රහාරක ජෙට් යානා විසින් මුර සංචාරයක් සිදුකර ඇති බවයි.
තවත් ප‍්‍රදේශ ගණනාවක් වෙත අමතර සේනාංක යවා ඇති අතර කෙල් කඳුවැටිය මුදුනේ නව කඳවුරක් පිහිටුවීම අරඹා ඇතැයිද වාර්තා වේ.

මේ පියවරයන් පිළිබඳව තුර්කි හමුදාවන් විසින් හෝ රජයේ ආරංචි මාර්ග විසින් මාධ්‍ය වෙත අනාවරණය කර නොමැති අතර පසුගිය අගහරුවාදා දින තුර්කිය වෙත රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය තොගයක් පිපිරී විනාශ වී සය දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වීමේ අනතුර මෙයට හේතුවන්නට ඇතැයි සැලකේ.

කෙසේ වෙතත් සිරියාව විසින් එල්ල කරනු ඇති ප‍්‍රහාරයකදී පළමු ප‍්‍රතිචාර දැක්වීම මෙම තුර්කි අතිරේක සේනාංකයන් විසින් සිදුකෙරෙනු ඇතැයි පැවසේ.

මින් පෙර කැරලිකරුවන් වෙත විවෘත සහයෝගය දක්වා තිබූ තුර්කිය සිරියාවට එරෙහි  ඕනෑම ජාත්‍යන්තර සන්ධානයකට එක්වීමට සූදානම් බව එරට අග‍්‍රාමාත්‍ය ටැයිප් එර්ඩෝගන් විසින් දක්වා තිබේ.

තුර්කි හමුදාවන් එම තත්වයට අනුරූපීව සටන්කාමී හෝ සහායක බලසේනාවක් බවට ක‍්‍රියාකරනු ඇතැයි ඔහු පවසා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos