දඹුල්ල කණ්ඩලමේ 20 හැවිරි මවක සිය කුළුදුල් දරු උපතේදී පිරිමි දරුවන් දෙදෙනකු දඹුල්ල රෝහලේදී අද බිහිකළාය.
එම දරුවන් ගර්භාෂ දෙකක වැඩී ඇතැයිද එය ඉතා දුර්ලභ යැයිද දඹුල්ල රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සුමිත් වර්ණසුරිය මහතා කීහ.
ගර්භාෂයේ පටලය දෙකට බෙදී ඒ දෙකෙහි වෙන්වෙන් වශයෙන් කළල හට ගැනීමට ඉඩ ඇතැයි වෛද්‍යවරු කියති.
කාන්තාවන් දස ලක්ෂයකින් එක් අයකුට මෙවන් දරුවන් බිහිවිය හැකි බව වෛද්‍ය මතයයි.
2006 දී බ්‍රිතාන්‍යයේදී මවකගේ වෙන්වෙන්ව පිහිටි ගර්භාෂ දෙකකින් දරුවෝ තිදෙනෙක් බිහි වුහ.