ඇමැති මර්වින් සිල්වා මහතාට එරෙහි විනය පරීක්‍ෂණ වාර්තාව ඉදිරි සති දෙකේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කමිටුවේ ජේයෂ්ඨ සාමාජිකයකු සඳහන් කෙළේ මේ වාර්තා දැනටමත් සකස්කර ඇති බවත්, එහි සංශෝධන කිහිපයක් මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවත්ය.
කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ඇතුළු මන්ත්‍රිවරුන් සමඟ ඇති වූ ගැටුම් සහ ඔවුන් විසින් ඇමැතිවරයාට කරන ලද චෝදනා සම්බන්ධයෙන් මේ වාර්තාව සකස්කර තිබේ. පක්‍ෂයේ නීතිඥ මණ්ඩලයක් මඟින් මේ වාර්තාව සකස්කර ඇති අතර, ඊට ඇමැතිවරයාගෙන් ලබාගත් පිළිතුරුද මෙහි ඇතුළත් බව සඳහන් කළ අදාළ ජේයෂ්ඨ සාමාජිකයා, ඉදිරියේදී මේ වාර්තාවේ සඳහන් කරුණු මාධ්‍යවලට හෙළිදරව් වනු ඇතැයිද පැවැසීය.