මුස්ලිම් ජාතික තරුණියන් මුහුණු ආවරණ පැළඳීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ජෙරම් බ‍්‍රවුන් පවසයි. ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බර්මින්හැම් මෙට්‍රොපොලිටන් විද්‍යාලය විසින් පැණවූ මුහුණු ආවරණ තහනම අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් රජය මැදිහත්විය යුතුද යන්න සාකච්ඡ කිරීම සඳහා වන බව වාර්තා වේ.
ලිබරල් ඩිමොක‍්‍රටික් මතධාරියකු වන ඔහු පවසා ඇත්තේ තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මැදපෙරදිග ක‍්‍රිස්තියානි සුළුතරයට මෙන්ම බි‍්‍රතාන්‍යයේ ආගමික සුළුතරයන් වෙතද හිමිවිය යුතු බව තමන් විශ්වාස කරනමුත් අදහස් දැක්වීමේ නිදහස අගයන සමාජයක මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්යය විය යුතු යයි දැනීම පිළිබඳ විවාදයක් පවතින බවයි.
බර්මින්හැම් මෙට්‍රොපොලිටන් විද්‍යාලය විසින් සිසුන්ගේ මුහුණු දැකිය හැකිවන ලෙස හිස්වැසුම් සහ මුහුණු ආවරණ තහනම් කරන නියෝගයක් පණවන ලද අතර ඒ වෙත කන්සර්වේටිව්වාදියකු වන බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේද අනුබලය හිමිව තිබිනි.
නමුත් කළු ජාතික ශිෂ්‍ය ව්‍යාපාරයන් විසින් අත්සන් 9000ක විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කිරීමත් ආගමික නිදහස සහ සංස්කෘතිය විදහා පෑමේ අයිතිය කප්පාදු කිරීමට එරෙහිව විරෝධතා මාලාවක් සංවිධානය කිරීමත් සමග තම නියෝගය අවලංගු කිරීමට විද්‍යාලයේ පාලනාධිකාරියට සිදුවිය.
කන්සර්වේටිව්වාදී මන්ත‍්‍රීවරුන් මෙම පියවර විවේචනය කළ අතර විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂය විසින් බර්මින්හැම් මෙට්‍රොපොලිටන් විද්‍යාලයේ තීරණය සාදරයෙන් පිළිගත් බව පැවසේ.