පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් වෙනුවෙන් සුඛෝපභෝගී වාහන 55ක් ගෙන්වීමට ආණ්ඩුව සූදානම් වේ.
මෙම වාහන අලූතින්ම ගෙන්වීමට නියමිත අතර ණය පදනම හෝ ගෙවීමේ පදනම මත මෙම වාහන ගෙන්වීමට නියමිතය.
මෙසේ ගෙන්වන වාහන අමාත්‍යාංශ ඇතුළු රජයේ වාහන අවශ්‍යතා ඇති අංශවල ප‍්‍රයෝජනය සදහා යෙදවීමට රජය අපෙක්ෂා කරයි.
මෙම වාහනවලට අමතරව වෑන්, ජීප් වැනි රථ මිලට ගැනීමටද ආණ්ඩුව සූදානම් වෙයි.