කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාට බැන තර්ජනය කළ බස් හිමිකරුවකු සහ සේවකයන් තිදෙනකු පොලීසිය විසින් බන්ධනාගාරගත කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී ඔහුගේ වාහනය ඉදිරියට වේගයෙන් ඇදී ආ බස් රථයක් වෙට්ටු දමා තිබේ. පසුව පොලිස්පතිවරයා එය නවත්වා ඔහුගෙන් විමසූ අවස්ථාවේ දී බස් රියැදුරු ඔහුට අසභ්‍ය වචනයෙන් බැනවැදී තිබේ.
එහිදී ඇතිවූ බහින්බස්වීම හේතුවෙන් පොලිස්පතිවරයා රියැදුරුට පහරක් එල්ල කර ඇත. පසුව බස් රථයේ හිමිකරු පැමිණ කැලණිය පොලීසියට දුරකතනයෙන් කතා කොට නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ ”මචං, ඞී.අයි.ජී. කෙනෙක් කියලා එකෙක් අපිට සද්දේ දානවා. ඇවිල්ලා ඌ ඇරෙස්ට් කරපන්” යනුවෙන් පවසා තිබේ. මෙම අශෝභන හැසිරීම පිළිබඳ පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් මාර්ග අංක 230 පූගොඩ-කොළඹ, 226 දෙකටන-කොළඹ, 224 දෙල්ගොඩ-කොළඹ යන බස් රථ මේ වනවිට වර්ජනයක නිරත වෙති.