ගම්පොළ ප්‍රදේශයේදී ඖෂධ හා රූපලාවන්‍ය ද්‍රව්‍ය නීතිවිරෝධීව ඇසුරුම් කර බෙදා හැරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ජාතික ඖෂධ අධිකාරිය විසන් හෙළි කර ගනු ලැබ තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවේ, ඖෂධ වර්ග සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පරික්ෂා කිරීමේදී මේ පිළිබඳ තොරතුරු හෙළිකර ගත් බවය.
එහිදී ලියාපදිංචි නොකළ එවැනි ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර කලක සිට ඔවුන් එම ජාවාරමේ නිරත වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පැවසූවේ, ප්‍රසිද්ධ රූපලාවන්‍ය ආයතනවල නම් ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඔවුන් මෙම ද්‍රව්‍ය යළි ඇසුරුම් කර බෙදා හැරීම දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවය.