එම දරුවා තනිව බයිසිකලයක් පදිමින් සිටියදී එය දකින සුනඛයා ඉතා වේගයෙන් දරුවා දෙසට දිව විත් ඔහුගේ ඇගට කඩා පැන ඔහු බයිසිකලයෙන් ඉවතට ඇද ගනී.
සුනඛයා දරුවා වෙතට කඩා පනිත් ම ඉතා වේගයෙන් එම ස්ථානයට පැමිණෙන එම දරුවාගේ නිවසේ සුරතල් පූසා සුනඛයාගේ ඇගට කඩා පැන ඌ එම ස්ථානයෙන් පන්නා දැමීමට ක්‍රියා කරයි.
එම අවස්ථාවේ දරුවාට උදව් කිරීම සඳහා කාන්තාවක ද එම ස්ථානයට පැමිණෙයි.


