මහනුවර, බෝගම්බර වැවේ මේ දිනවල මසුන් මිය යාමට හේතුව මත්ස්‍ය ගහණය අධික වීම බව නාරා ආයතනය පවසයි.
කෙසේ නමුත් එසේ මිය යන මත්ස්‍යයින් දෛනිකව වාර්මාර්ග දෙපාර්තමේන්තුව මඟින් ඉවත් කළද ප්‍රදේශයේ දැනට පවතින්නේ දැඩි දුර්ගන්දයකි.
වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අක්කර 44.5 ක භූමි ප්‍රමාණයකින් යුත් බෝගම්බර වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 703 ක් පමණ වන බව ය.
මහනුවර බෝගම්බර වැවේ මසුන් මියයාම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂිකා සී.එච්. දේවේන්ද්‍ර මහත්මියගෙන් අප විමසීමක් කළෙමු.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ අධ්‍යක්ෂිකා සී.එච්. දේවේන්ද්‍ර මහත්මිය
ඒ සම්බන්ධයෙන් අපි නාරා ආයතනය දැනුවත් කරලා තියෙනවා. වැවේ ඉන්න මත්ස්‍යයන්ට, මත්‍යසයන් සම්බන්ධය කටයුතු කරන්නේ නාරා ආයතනය ඒ ගොල්ලන්ට අනුව ගහනය වැඩී වීම තමයි මේකට මූලික හේතුව වෙලා තියෙන්නේ ඉදිරියේදී ගහනය අඩු කිරීමට කටයුතු කරනවා කියලා තමයි දැනට නරා අයතනය විසින් දන්වලා තියෙන්නේ සංචාරකයින් බෝගම්බර වැවේ මසුන් සඳහා ආහාර ද්‍රව්‍ය දැමීම මත්ස්‍ය ගහනය වැඩි වීමට හේතුවකි.
මීට විසඳුමක් ලෙස නාරා ආයතනය විසින් වසර පහකට වරක් බෝගම්බර වැවේ මසුන් අල්ලා වෙනත් ජලාශ වලට මුදා හරිනු ලැබේ. (News1st)


