කොළඹ බස්නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කල විශේෂ මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටි බව කියන 52 හැවිරිදි වියේ පමණ පසු වන පුද්ගලයෙක් පෑලියගොඩ නවලෝක වටරවුම අසළ දී අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ රුපියල් 50,000 ක් පමණ වටිනා හෙරොයින් මත් ද්‍රව්‍ය ග‍්‍රෑම් 10 ක් සහ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා පවුම් 21 ක් පමණ බර කැරට් 24 රන් මාල 4 ක් ද තිබී සොයා ගෙන ඇත.
මොහු රන් මාල 2 ක් පැළඳ සිටි අතර, අනෙක් රන් මාල 2 ක කලිසම් සාක්කුවේ දමා ගෙන සිටිය දී සොයා ගත් බව පොලීසිය කියයි.
ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු සුපිරි දෙමහල් නිවෙසක හිමිකරුවකු බවද පොලීසිය පවසයි.


