-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

චුම්භක බල එසවුම් තාක්ෂණය භාවිතයෙන් ගුවන් යානයක වේගය පරයා යා හැකි දුම්රියක් නිපදවිය හැකි බව චීන පර්යේෂකයන් පිරිසක් පවසා තිබේ.
නිරිතදිග ජියා ඕටොං විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සුපිරි සන්නායක පර්යේෂණාගාරයේ විද්‍යාඥ ආචාර්ය ඩෙන් සිගෑන් පවසා ඇත්තේ මෙම දුම්රියට ගුවන් යානයක වේගය මෙන් තුන්ගුණයක වේගයකින් ගමන් කළ හැකිවනු ඇති බවයි.
චුම්භක එසවුම් තාක්ෂණය හෙවත් මැග්ලෙව් තාක්ෂණය 20වන සියවස මැදභාගයේදී යෝජනා කරනු ලැබූ අතර එය භාවිතයෙන් නිපදවන ලදුව මේ වන විට ධාවනයේ යෙදෙන ෂැංහයි මැග්ලෙව් දුම්රියට පැයට කිලොමීටර් 430ක වේගයකට ළගා විය හැකි බව පැවසේ.  එය ලොව වේගවත්ම මගී ප‍්‍රවාහන මාධ්‍යයද වේ.
චීන පර්යේෂකයන් පවසන්නේ රික්ත නළයක් තුළ දුම්රිය ධාවනය කළ හැකි නම් සාමාන්‍ය මැග්ලෙව් දුම්රියක වායු ප‍්‍රතිරෝධය හේතුවෙන් වේගය අඩුවීම මග හැරිය හැකි වනු ඇති බවයි.  මෙම සුපිරි මැග්ලෙව් දුම්රියට පැයට කිලෝමීටර් 3000ක පමණ වේගයක් අත්පත් කරගත හැකිවනු ඇතැයි ආචාර්ය සිගෑන් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ මෙම රික්ත නළ ප‍්‍රවාහන තාක්ෂණය සාමාන්‍ය මගී ප‍්‍රවාහන අවශ්‍යතා සඳහා මෙන්ම මිලිටරිමය අවශ්‍යතා සහ අභ්‍යවකාශ යානා සඳහාද යොදාගත හැකි බවයි.
සිදුකර ඇති පර්යේෂණ මගින් අනාවරණය වී ඇත්තේ සාමාන්‍ය මැග්ලෙව් දුම්රියක් පැයට කිලෝමීටර් 400ක වේගසීමාව ඉක්මවන විට එහි බලයෙන් 83%ක් වායු ප‍්‍රතිරෝධය හේතුවෙන් අපතේ යන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos