-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ව්යාජ ලේබල් අලවා වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ගබඩා කර තිබූ කෝටි හයකට අධික වටිනාකමක් ඇති කල් ඉකුත් වූ ඔෟෂධ, සැත්කම් සඳහා උපයෝගී කරගනු ලබන ඉදිකටු, ශල්ය උපකරණ විශාල තොගයක් පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ගබඩාවකින් අත්අඩංගුවට ගෙන ඇත.රුපියල් කෝටි හයකට අධික වටිනාකමක් ඇති මේ කල් ඉකුත් වූ ඔෟෂධ හා ශල්ය උපකරණ, කල් ඉකුත් නොවූ ඔෟෂධ අතරේ සඟවා තිබුණු බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවැසීය.

සමුපකාර හා අභ්යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව මේ බෙහෙත් ගබඩාව පරීක්ෂා කරන ලෙස ඇමැතිවරයා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට නියෝග කර ඇත.
ඒ අනුව ඊයේ (13දා) එම ගබඩාව පරීක්ෂා කිරීමේදී 2013 ජනවාරි මාසයේ, 2012 ජනවාරි, 2014 පෙබරවාරි මාසයේ කල් ඉකුත් වූ ඔෟෂධ වර්ග හා ශල්ය උපකරණ සොයාගැනීමට හැකිවූ බව රූමි මර්ෂුක් මහතා පැවැසීය.

මේ ඔෟෂධ හා ශල්ය උපකරණ සෙල්සියස් අංශක 25-30 සහිත ස්ථානවල ගබඩා කළ යුතුව ඇතත්, ඒවා ගොඩනැඟිලි කිහිපයක වායුසමන පහසුකම් නොමැති ස්ථානවල ගබඩා කර තිබුණු බවද සභාපතිවරයා පැවැසීය.
පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ගබඩා සංකීර්ණය වෙත ඊයේ දහවල් ගොස් අත්අඩංගුවට ගෙන ඇති ඔෟෂධ වර්ග සහ ශල්ය උපකරණ පරීක්ෂා කළ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද කල් ඉකුත් වූ ඔෟෂධ හා ශල්ය උපකරණ විශාල තොගයක් කල් ඉකුත් නොවූ තොග අතරේ තබා තිබුණු බවද ඒවායේ කල් ඉකුත් වූ දින වෙනස් කර අලුත් ස්ටිකර් අලවා වෙළෙඳපොළට නිකුත් කිරීමේ අපේක්ෂාවෙන් ගබඩා කර තිබුණු බවද රූමි මර්ෂුක් මහතා පැවැසීය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඔෟෂධ තොගයක් මහනුවර ස්වර්ණාභරණ අලෙවිසලක නම යෙදූ කවරවල අසුරා තිබියදී හමුවී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ ලාංඡනය සහිත ලේබල් තොගයක් සහ රාජ්ය ලාංඡනය මුද්රණය කළ ලේබල් තොගයක්ද මෙම ගබඩාව තුළ තිබී වැටලීම් අංශයේ නිලධාරීන් සොයාගෙන තිබේ.
හර්නියා වැනි ශල්යකර්ම සඳහා උපයෝගී කරගනු ලබන වෙළෙඳපොළේ රුපියල් 44,000ක් වන උපකරණ කට්ටල තොගයක්ද හමුවී ඇති අතර එම උපකරණ කල් ඉකුත් වූ දින 2013 ජනවාරි ලෙස සඳහන්ව තිබුණු බව රූමි මර්ෂුක් මහතා කීය.

එම ගබඩා සංකීර්ණයට ගිය පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සමඟ එහි අයිතිකරුවන් බහින්බස් වූ අතර කල් ඉකුත් වූ ඔෟෂධ, කල් ඉකුත් නොවූ ඔෟෂධ අතරේ සඟවා තිබෙනු සභාපතිවරයා විසින් පෙන්වා එසේ කිරීමට හේතුව විමසූ අවස්ථාවේ එම ඔෟෂධ බෙහෙත් වෙළෙඳසල්වල තිබී කල් ඉකුත් වූ පසු ආපසු රැගෙන ආ බව පැවැසූහ.
මේ ගබඩා සංකීර්ණය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සීල් තැබූ අතර කල් ඉකුත් වූ ඔෟෂධ හා ශල්ය උපකරණවල සාම්පල් නීති මඟින් කටයුතු කිරීම සඳහා ලබාගත් බවද මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකෙරෙන බවද රූමි මර්ෂුක් මහතා පැවැසීය.
කූට අන්දමින් කල් ඉකුත් වූ ඔෟෂධ වර්ග ජනතාව අතරට යෑම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම පියවර ගනු ලබන අතර කල් ඉකුත් වූ ඔෟෂධ වර්ග අලෙවි කර ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇති බව ඇමැති ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවැසීය.
මේ වැටලීමෙන් පසු දිවයින පුරා සියලුම ඔෟෂධ වෙළෙඳසල් පරීක්ෂා කර කල් ඉකුත් වූ ඔෟෂධ හා ශල්ය උපකරණ අලෙවියට තබා ඇද්ද යන්න සොයා බලන ලෙස වැටලීම් අංශයට ඇමැතිවරයා විසින් උපදෙස් දුන් බව එම අමාත්යංශයේ මාධ්ය ලේකම් නිපුන් ඒකනායක මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos