-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ ආකාරයේ ඇති නීති විරෝධී බව නිසාම ශ්‍රී  ලංකාවේදී 2013 වසරේ  පොදු රාජ්‍ය මණ්ඩලයීය  නායක සමුළුව පැවැත්වීම ප්‍රශ්න සහගත බව බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාහි නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ. මේ සිදුවීමේදී ශ්‍රී  ලංකාව පැහැදිලි ලෙසම නීතියේ ආධිපත්‍ය  නොසලකා හැර ඇති බව ඝානා නීතිඥ සංගමයේ සභාපති නිනී  අබයාටියේ ඇම්ගෑචර් ඔවුන්ගේ වාර්ෂික  නීතිඥ සංගම් සමුළුවේදී ප්‍රකාශ කර ඇත.


පොදු රාජ්‍ය මණ්ඩලය විසින් තමන්ගේ ගෞරවනීය තත්ත්වය රැකගැනීමට නම් පොදු රාජ්‍ය මණ්ඩලයීය අගයන්ට ගරුකළ යුතු බවත් එවන් අගයන් උල්ලංඝනය කරමින් කටයුතු කරන ශ්‍රී  ලංකාව ඇතුළු සාමාජික රටවලට එරෙහිව තද තීරණ ගත යුතු බවත් පවසා ඇති සභාපතිවරයා  ශිරාණි බණ්ඩාරනායක  මහත්මියට එරෙහිව ගෙන එනු ලැබූ අසාධාරණ දෝෂාභියෝග  යෝජනාව නීති විරෝධී බවට  ශ්‍රී  ලංකා ශේ‍ර්ෂ්ඨාධිකරණයද තීරණය කර ඇති බවද සඳහන් කර තිබේ.

 ශ්‍රී  ලංකාවේ නීති පද්ධතියට පාරදෘශ්‍යභාවය ඇති කිරීම හා කිසිවකුටත් නීතියෙන් බේරී සිටීමට  හැකි නොවන ක්‍රමයක් සකස් කිරීමේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම ශ්‍රී  ලංකා අධිකරණයේ ස්වාධීනත්වයට කෙළින්ම එල්ල කළ ප්‍රහාරයක් බවත් මේ නිසා ශ්‍රී  ලකාවේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව පැවැත්වීමට  පොදු රාජ්‍ය මණ්ඩලයීය  අමාත්‍ය  ක්‍රියාකාරී කණ්ඩායම ගත් තීන්දුව නැවැත සලකා බැලිය යුතු බවත් හෙතෙම වාර්ෂික සමුළුවේදී පැවැසුවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos