අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් තමන්ට ගෙන ආ විවාහ යෝජනාව ගැන අදහස් දක්වමින් ප‍්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ එය අමාත්‍යවරයා විසින් තමන්ට කල ආදරණීය විහිළුවක් බවයි.
‘එයා ඉතිං ඔය යෝජනාව කරන්නේ මට විතරක් නෙවෙයිනේ අනේ. එයා හැමෝටම විවාහ යෝජනා කරනවානේ. ඕක 60 පැනපු මැදි වයසේ පිරිමින්ට හැදෙන ලෙඩක්. ඕකට කියන්නේ ‘Mid Life Crisis’ කියලයි. එයා ඕක මට කරපු ආදරණීය විහිළුවක්. මම එය ඒ තරම් ගණන් ගත්තේ නැහැ’ යයිද ඇය වැඩිදුරටත් අදහස් දක්වයි.



