මළගෙදර වැඩ කටයුතුවලින් වැඩි කොටසක් ඉටු කර ඇත්තේ අපරාධකරුවන්
වැල්ලවාය කුඩාඔය 36 කණුව ප්‍රදේශයේ දී අසූපස් හැවිරිදි මවක් හා ඇගේ අවුරුදු පනස් අටක් වයසැති දියණිය ඔවුන්ගේම නිවස තුළ දී දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු ගෝනගංආර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ද්විත්ව ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන තැනැත්තාට පුද්ගලයන් සොයා දුන් බවට කියන තැනැත්තිය මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර පොලීසිය ඇයද අත්අඩංගුවට ගැනීමට දැල එළා ඇති බව පැවසේ.
වැල්ලවාය කුඩා ඔය ගම්මානයේ 36 කණුව ප්‍රදේශයේ ජීවත් වූ කොන්ගල්ලගේ හීන්හාමි (85) සහ ඇගේ දියණිය වූ කොල්ගල්ලගේ බේබිහාමි (58) නැමැත්තිය ඔවුන්ගේම නිවස තුළ ඝාතනය කර තිබියදී සොයා ගනු ලැබූ අතර මෙම ඝාතන සම්බන්ධයෙන් හම්බන්කොට මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මොවුන් දෙපළ ඝාතනය ක ර ඇත්තේ දූෂණය කොට පසුව ගෙල හිරකිරීමෙන් බව අනාවරණය විය.
තණමල්විල කුඩාඔය ප්‍රදේශයේ බහුතරයකගේ ජීවන මාර්ගය එළවළු වගාවයි. තවත් පිරිසක් සත්ව පාලනය සිදු කරයි. ඒ දෙකම නොකරන පිරිස කාගේ හෝ කුලියක් කොට ජීවත් වීමට පුරුදුව සිටිති. බේබි හාමි තම මව වූ හීන්හාමි රැක බලා ගත්තේ ප්‍රදේශයේ මහ පරිමාණව එළවළු වගා කරන පුද්ගලයන්ගේ කොටුවල කුලී වැඩ කිරීමෙනි. කාටවත් කරදරයක් නොමැතිව ගමේ ජීවත් වූ මෙම කාන්තාවන් දෙපළ මේ අයුරින් ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීම ප්‍රදේශයේ කොයි කවුරුත් කම්පනයට පත් කළේය. ගම්වැසියන් මෙම ද්විත්ව ඝාතනයෙන් පසු ඝාතකයන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා කාලි මෑණියන් ඉදිරිපිට පොල් ගසා යාඥා කරන්නේද මේ හේතුවෙනි.
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු හා මොණරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක යන මහතුන්ගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරි නිමල් සිරි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් මෙම ඝාතන පිළිබඳ සොයා බැලීමට පත්කෙරින. එක් පොලිස් කණ්ඩායමක් වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලීස් පරීක්ෂක විජිත පෙරේරා මහතා මෙහෙය වූ අතර අනෙක් පොලිස් කණ්ඩායම මෙහෙය වන ලද්දේ ගෝනගංආර පොලීසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන සමන්සිරි මහතා විසිනි.
කලක් බුද්ධි නිලධාරියකු මෙන්ම ත්‍රස්ත විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හසල අත්දැකීම් ගොන්නක් ඇති. උප පොලිස් පරීක්ෂක නන්දන සමන්සිරි මහතා විසින් කුඩාඔය ගම්මානය තුළ යෙදවූ පොලිස් ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලබන්නේ ඌව කුඩාඔය හල්මිල්ලගම ලිපිනයේ පදිංචි කරුණා විරුදු දුරයලාගේ ලලිත් කුමාරසිරි (25) නොහොත් ගොළු පොඩ්ඩා නැමැත්තාය. පොලීසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු බේදුරු කංකානම්ගේ උදයසිරි ජයමාල් (24) නොහොත් දෙබරා යන අය කුඩාඔය ගුවන්තොටුපළ මංසන්ධියේ දී අත්අඩංගුව ට ගන්නා අතර මෙම ඝාතන සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන ලියන මුදියන්සේලාගේ විමල් පුෂ්පානන්ද (47) යන අය ඉකුත් 17 දා රාත්‍රියේ ගෝනගංආර පොලීසියේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගනු ලබන්නේ කුඩාඔය යුද හමුදා පුහුණු පාසලට හැරෙන මංසන්ධියේ සිටියදීය. මොවුන් තිදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මෙම ඝාතනවල සුලමුල සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ඝාතනයට ලක්වූ කෙන්ගල්ලගේ හීන්හාමි (85) නැමැත්තිය විවාහ වී සිට ඇත්තේ කළුබංඩා මුදලාලි නම් ප්‍රදේශයේ සුළු ව්‍යාපාරිකයකු සමගය. ඔහු මියගොස් ඇත්තේ මීට කලකට පෙරය. ඔහු මිය යාමෙන් පසු මෙම ඉඩමේ පදිංචිව සිට ඇත්තේ හීන්හාමි සහ ඇගේ දියණිය බේබිහාමි පමණි.
මෙම මියගිය කළුබංඩා මුදලාලිගේ එක් සහෝදරියක් පදිංචිව ඇත්තේ බුත්තල බුරුත පාර ප්‍රදේශයේය. ඔහුගේ පුතෙකු වන ඩී.එම්. චන්ද්‍රපාල (58) නැමැත්තා මෙම හීන්හාමි හා බේබිහාමි සිටි ඉඩමට කලක සිට ඉව අල්ලමින් සිට ඇත්තේ මෙම ඉඩම තම මවට අයිති වූවක් බව පවසමිනි. මේ කාලවකවානුව තුළ මොහු හීන්හාමි පදිංචිව සිටින නිවස ඉදිරිපිට කුඩා කඩයක් පවත්වාගෙන යනු ලබන අතර තිලක ලතා නම් කාන්තාවක් සමගද අනියම් සම්බන්ධතාවක් තිබි ඇත. වරක් චන්ද්‍රපාල තිලකලතාට පවසා ඇත්තේ කොහොම හරි හීන්හාමි සහ බේබිහාමි මෙම ඉඩමෙන් පන්නලා දෙන්නේ නම් ඒ සඳහා රුපියල් 50000 ක් මුදලින් ලබාදිය හැකි බවයි. ඒ අනුව මෙම කොන්ත්‍රාත්තුවේ අත්තිකාරමක් වශයෙන් චන්ද්‍රපාල රුපියල් 25000 ක මුදලක් තිලකලතාට දී ඇත. තිලකලතා මෙම කොන්ත්‍රාත්තුව පවරා දී ඇත්තේ විමල් පුෂ්පානන්ද (47) යන අයටය. ඔහුද 36 කණුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. පුෂ්පානන්ද මේ කටයුත්ත ඉටු කිරීමට ගොළු පොඩ්ඩා හා දෙබරාගේ සහය ලබාගන්නේ ඉන් අනතුරුවය.
හීන්හාමි සහ බේබිහාමි ඉඩමෙන් පන්නා දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීමට ප්‍රථම පුෂ්පානන්ද තිලකලතාගේ කීම තවදුරටත් සහතික කර ගැනීමට බුත්තල බුරුත හංදියට පැමිණ චන්ද්‍රපාලව මුණගැසී තිබේ. එහිදී චන්ද්‍රපාල පුෂ්පානන්දට පවසා ඇත්තේ තිලකලතාට රුපියල් 25000 ක අත්තිකාරකමක් ලබාදී ඇති බවත් එය ඉල්ලා මෙම කටයුත්ත නිම කරන ලෙසත්ය. පසුව ඉතිරි මුදල් ලබාදෙන බව චන්ද්‍රපාල පුෂ්පානන්දට සහතික වී තිබේ.
පුෂ්පානන්ද තම අසල්වැසි තරුණයන් දෙපළක් වන ගොළු පොඩ්ඩා හා දෙබරා යන අයවලුන් සමග මේ සඳහා අවශ්‍ය සැලසුම් සකසන්නේ ඉන් අනතුරුවය.
කලින් කතාබහ කළ පරිදි පුෂ්පානන්ද, ගොළු පොඩ්ඩා හා දෙබරා (4) පස්වරුවේ මුණගැසෙන්නේ හල්මිල්ල වැව වැව් කන්ඩියේදීය. එහිදී ඔවුන් පදමට මත්පැන් බි සැලසුම් කළ කටයුත්තට හීන්හාමිගේ ගෙදරට යන්නේ රාත්‍රී 8.30-9.00 අතරේය. දෙබරාගේ කාර්ය වූයේ හීන්හාමිගේ නිවසේ විදුලිය විසන්ධි කොට ඔත්තු බැලීමය. පුෂ්පානන්ද ස්කුරුප්පු නියනක් ආධාරයෙන් නිවසේ දොරගුළු කඩා විවෘත කර ගොළු පොඩ්ඩා සමග නිවසට රිංගන්නේ මේ අතරය. ගොළු පොඩ්ඩා කළුවරේම අසූපස් හැවිරිදි හීන්හාමි සිටි කාමරයට රිංගා ඇය දූෂණය කොට ගෙල මිරිකා ඝාතනය කරන අතර පුෂ්පානන්ද ඇගේ දියණිය වූ බේබිහාමි නිදා සිටි කාමරයට රිංගා ඇයද දූෂණය කිරීමෙන් පසු ගෙල මිරිකා ඝාතනය කොට නිවසේ ඉදිරිපස දොරින්ම පලා ගොස් තිබේ. අනතුරුව ගොළු පොඩ්ඩා, මියගිය කළුබංඩා මුදලාලිගේ ප්‍රථම විවාහයේ පුතා වන නන්දසිරි නැමැත්තාගේ නිවස වටේ කැරකී නැවත පැමිණ ඇත්තේ මේ පිළිබඳ විමර්ශනයට පොලිස් සුනඛයන් යෙදෙව්වොත් ඒ පිළිබඳ කෙරෙන විමර්ශන නොමග යැවීමටය. අනතුරුව මොවුන් තිදෙනා වක් පිහියක් හා දොරගුළු කැඩීමට භාවිතා කළ ස්කුරුප්පු නියන වැව් කන්ඩියේ ගහක් යට සඟවා නිවෙස්වලට ගොස් ඇත. ඊට ප්‍රථම මොවුන් තිලකලතා මුණගැසී තම කටයුත්ත අවසන් කළ බව දැනුම් දීමටද අමතක කොට නැත.
පසුදා පුෂ්පානන්ද ඔහු විසින් ගංජා සපයා ඔහුට ලැබිය යුතුව තිබූ රුපියල් 25000 ක මුදලක් ඉල්ලා ගැනීමට සියඹලාණ්ඩුව පළමු
ගම්මානයට පැමිණ ඇති අතර මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව පොලීසියට මුල්ම හෝඩුවාව ලබා දී ඇත්තේ මෙම ඝාතනයන්ට පුද්ගලයන් සොයා දුන් ඔවුන්ගේ නිවස ඉදිරිපිටම පදිංචිව සිටින දොන් පේද්‍රික් තිලකලතා (54) නම් කාන්තාව විසිනි. ඇය වැන්දඹු කාන්තාවක් බවත් කලින් කී මීට කොන්ත්‍රාත්තුව දුන් චන්ද්‍රපාලගේ හිතවතියක බවත් පොලීසිය පවසයි.
මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව අනාවරණය වීමෙන් පසු කුඩාඔය 36 කණුව ගම්වාසීහු මහත් සංවේගයට පත්ව තිබේ. මෙම ඝාතනය සිදුකළ පුෂ්පානන්ද
ගොළු පොඩ්ඩා සහ දෙබරා යන තිදෙනාම පසුදා පටන් මෙම මළගෙදර සෑම කටයුත්තකටම සම්බන්ධ වෙමින් මේ අපරාධය පිළිබඳව ගම්වැසියන් සමග දොඩවමින් ශෝක වී තිබේ. මළගෙදර අසීරු කටයුතු බොහොමයක් සිදුකර ඇත්තේ මෙම ඝාතකයන් පිරිස වීම
විශේෂත්වයකි. කෙසේ නමුත් මෙම මළගෙදර කටයුතු අවසන් වීමෙන් පසු ගම්වැසියන් එකතු වී කාලිමෑණියන්ගේ පිංතූරයක් ඉදිරිපිට මෙම අපරාධය
කළවුන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා පොල් ගසා ඇති අතර එම කටයුත්තට මෙම අපරාධකරුවන් තිදෙනාම සම්බන්ධ වී නැත. කෙසේ නමුත් මේ සිදුවීමෙන් සතියක් යන්නට ප්‍රථම සැකකරුවන් සියලු දෙනා පොලිස් අත්අංඩගුවට පත්වන අතර මෙම ද්විත්ව ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබාදුන් බුත්තල බුරුත පාරේ පදිංචි ඩී.එම්. චන්ද්‍රපාල (58) යන අය මිය යන්නේ බුත්තල රෝහලට දතක් ගලවන්නට ගොස් ලබාදුන් එන්නතක් විස වීමෙනි.
වැල්ලවාය කුඩාඔය ගම්මානයම භීතියටත් කම්පනයටත් පත් කළ මෙම ඝාතකයන් පිළිබඳ අනාවරණය කර ගැනීමට මොණරාගල පොලිස් අපරාධ
පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක රවීන්ද හේරත්, උප පොලිස් පරීක්ෂක අබේසිංහ, පොලිස් කොස්තාපල් සුරංග යන නිලධාරින් සාක්ෂි එක් රැස් කරමින් මේ පිළිබඳ කළ විමර්ශනයට සහය වී තිබේ. සැකකරුවන් කඩිනමින් අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ගෝනගංආර පොලීසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන සමන්සිරි මහතාගේ මෙහෙය වීම යටතේ පොලිස් සැරයන් කරුණාදාස, පොලිස් කොස්තාපල්වරුන් වන නිලන්ත, පුෂ්පකුමාර, ක්‍රිෂාන්ත, සුනිල්, දිසානායක, ලක්ෂ්මන්, ජයන්ත, නිමල් රත්නායක යන නිලධාරීන් විසිනි.

සංජීව බණ්ඩාර