කොල්ලුපිටියේ ප්‍රධාන ශාඛාව පිහිටි පෞද්ගලික වානිජ බැංකුවක ගනුදෙනුකරුවන්ට අමුතු ආකාරයේ වංචාවක් සිදුකර එම බැංකුවට ලාභ උපයාදීමට එහි ප්‍රධානීන් පිරිසක් කටයුතු කරන බව වෙත වාර්තා වේ.
අදාල බැංකුව ණය තොරතුරු කාර් ්‍යාංශයට ව්‍යාජ තොරතුරු සපයා ගනුදෙනුකරුවන් බිය වද්දා ඔවුන්ගෙන් මුදල් කඩා ගැනීම සිදු කරන බව පැවසේ.
එහි නොගෙවූ ණය අයකර ගැනීමේ (recovery) අංශය විසින් මෙය සිදු කරනු ලබන බවද වාර්තා වේ.
නොගෙවූ ණය අයකර ගැනීමේ (recovery) අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා, නීති අංශයේ ප්‍රධානියා ඇතුළු පිරිසක් මෙම ජාවාරමට සම්බන්ධ බවද 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
එම ජාවාරමට නිලධාරීන් 06 දෙනෙකු සම්බන්ධ බවත්, ඉන් සිවුදෙනෙකු කාන්තාවන් බවත් පැවසේ.
මේ අතර නීතීඥයන් තිදෙනෙකු ද සිටින බවත් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
මෙසේ සිදුකරන ලද වංචාවන් සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් එම බැංකුවේ ඉහල නිලධාරීන් දැනුවත්කර ඇතත් මෙතෙක් ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවතාවා නැතැයි එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ.
අදාල බැංකුවේ මහනුවර ශාඛාවේ කළමනාකරු ඇතුළු කිහිපදෙනෙක් විසින් රුපියල් මිලියන 50කට අධික වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක්ද පැවැත්වේ.
ඉදිරේදී අදාල වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගේ නම්ගම්, සියලු තොරතුරු හා ලේඛන අපි විසින් හෙලි කරනුනෙමු.



