-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජනතාව පරිභෝජනයට ගන්නා සුදු සීනිවල වකුගඩු රෝගයට හේතුවන රෝග කාරක රසායනික වැඩි ප්‍රමාණයක් අඩංගු බව පරීක්‍ෂණවලින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.සුදු සීනි වෙනුවට රතු සීනි පරිභෝජනයට ගැනීමට ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යංශ ලේකම් විජේරත්න සකලසූරිය මහතා පැවැසීය.

සීනි සුදු කිරීම සඳහා ගනු ලබන අධික රසායනික ද්‍රාවණය උක් වගාවට යොදන අධික රසායනික සංයුතියත් මෙයට හේතු වන බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

රතු සීනිවල රසායනික සංයුතියට අවම වට්ටමක පවතින නිසා රතු සීනි පරිභෝජනයට ගැනීමෙන් වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවදානම යම්තාක් දුරට පහළ දමා ගැනීමේ හැකියාවක් පවතින බව අමාත්‍යංශය පෙන්වා දෙයි.

සීනි කර්මාන්තය බහුලව සිදු කරන ලතින් ඇමෙරිකා රටවල වකුගඩු රෝගය ඉහළ මට්ටමක පැවැතීමට හේතුව මෙය බවත්, මේ තත්ත්වය පාලනය කරගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos