-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මුලින්ම අපට කියන්න, රන්ජන් එක්ක ගහගත්තා කියන කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද? 

සුදේෂ් වසන්ත පීරිස් සහ සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනයක් වන රන්ජා චිත‍්‍රපටයෙ රූගත කිරීම්වලට ගියාමයි මේ සිදුවීමට මුහුණ දුන්නෙ.

ගහගත්තාය කියන කතාවේ ඇත්ත මොකක්ද?


මෙහෙමයි, එහි මම රඟපාන චරිතය සටන් ජවනිකා සහිත එකක්.වසන්ත කුමාරවිල අයියා අපට සටන් පුරුදු කළා. මගේ චරිතය හැටියට රන්ජන් අයියා එක්ක ගහගන්න සිද්ධවුණා.අපි හරි හරියට ගහගත්තා.ඕක තමයි ඇත්ත කතාව.

හරි, මොකක්ද මේ බල්ලන්ට කැමතියි අලියෙක් හදන්න ආසයි කියන කතාව?


මම ගෙදර සුරතලයට බල්ලන් ඇති කරනවා. බල්ලන්ට හරිම කරුණාවයි. හැබැයි ඉතින් මගේ ජීවිතේ ප‍්‍රියතම සතා අලියා. අලියෙක් ඇති කරන්න මට වත්කමක් නැහැ. වත්කමක් තිබුණා නම් අලියෙක් ඇති කරනවා. අලියෙක් ඇති කරන්න බැරි නිසයි බල්ලො ඇති කරන්නෙ. සමහර මිනිසුන් ළඟ නැති හොඳ ගුණ බල්ලන් ළඟ තියෙනවා.

ඇයි ඔබ එහෙම කියන්නෙ.
මිනිස්සුන්ට සැලකුවාම සමහර වෙලාවට කිසිම ගුණයක් නැහැ. ඒත් බල්ලො එහෙම නැහැ. මම ගොඩක් අයට උදව් කරලා තියෙනවා. අනුකම්පා කරලා තියෙනවා. ඒත් එයාලා උදව් අරගෙන මුල අමතක කළාම, දෙයියනේ මම මෙයාලට රැවටුණා නේද කියලා හිතෙනවා.

කොහොම වුණත් බල්ලන් වෙනුවෙන් සෑහෙන වියදමකුත් දරනවාලූ නේද?
ඔබ්, එයාලට කතා කරන්න බැහැ, බඩගින්න, වේදනාව ගැන ප‍්‍රකාශ කරන්න බැහැ. අසරණ සත්තු. අනෙක සතෙකු හදන්නන් වාලේ හදලා ඇති වැඩක් නැහැ. හරියට ඒ දේ කරන්න  ඕනෑ. මම ඒ සත්තු හදන්නෙ විලාසිතාවට නොවෙයි.

ඒ බල්ලන් ගොඩක් සැරයි ද?
මම සිටින වෙලාවට නැහැ. හැබැයි ඉතිං මම නැති වෙලාවට වග කියන්න බැහැ.


අලියෙක් හදන්න මෙච්චර ආස ඇයි?
ඒකට හේතුව මම දන්නෙ නැහැ. මගේ ජීවිතයේ මුල්තැන හිමිවන්නෙ සත්ව කරුණාවටයි. අලින්ට පුදුම විදියට ආදරෙයි. උඩවලව, පින්නවල, කිරිවෙහෙර පවා යනවා. එහෙම ගිහින් අලින්ට කොමඩු එහෙම අරන් දීලා එන එක මගේ පුරුද්දක්. 


ගංගාරාමයේ හිටපු ඇතා එක්ක මම ගොඩක් මිත‍්‍ර වුණා. එයාගෙ වියෝව දරාගන්න බැරි දුකක් වුණා. ගංගාරාමයේ දැන් සිටින අලි පැටවා බලන්නත් නිතර නිතර යනවා.

අලි ගැන ගොඩක් විස්තරත් ඔබ දන්නවලූ නේද?
අලින්ට තියෙන ආසාව නිසාම අලි ගැන විස්තර දැන ගන්න ආසයි. අලි ගැන වැඩසටහන් පවා නරඹනවා. අලින්ට උඩ පනින්න බැහැ කිව්වට, උන්ට උඩ පනින්න පුළුවනි. එය මම උඩවලවේ දී දැකලා තියෙනවා.


අලියෙකුට දවසකට ටොන් හත්සියයක විතර කෑම දෙන්න  ඕනෑ ලූ. ලොකු පරිසරයක් ජීවත් වීමට තියෙන්නත්  ඕනෑලූ. ඒ නිසා අලියකු ඇති කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි. කොහොම වුණත් මට සැබෑ කරගන්න බැරි වුණු එකම සිහිනය එයයි.

සැබෑ කර ගත්ත අනෙක් සිහින මොනවද?
ලස්සන ගෙයක්, ලස්සන වාහනයක් වගේම ඉතා ගුණවත් දෙමාපිය යුවළක් සහ මහා බල සම්පන්න කුළුණු වගේ සහෝදරයින් තුන්දෙනෙක් මාව ආරක්‍ෂා කරනවා. මේ සියල්ල නිසා ජීවිතය සුන්දරයි. ඒවා සැබෑ වූ සිහින ලෙසයි මා දකින්නෙ. මම ප‍්‍රාර්ථනා කළ බොහෝ දේවල් අඩු වයසින්ම මට ලැබුණා. ඒ නිසා අද ජීවිතේ ගෙවන්නෙ හරිම සතුටින්.

අද පියුමිට-පියුමි ගැන හිතෙන්නෙ කොහොමද?
අද ගොඩක් සතුටින් ජීවිතය ගෙවන කෙනෙක්. ඉතා හොඳ හිතක් තියෙන කෙනෙක්. නරකකට තියෙන්නෙ ඉක්මනට ටිකක් කේන්ති යන එකයි.


අලින් ගැන අහන්න  ඕනෙ නම් පියුමිගෙන් අහන්න කිව්වොත් හරිද?
හරි ෂෝක්. විශ්වාස කරන්න මගේ ගෙදර තියෙන රූප සහ විසිතුරු භාණ්ඩ බොහොමයක් අලින්ගෙ රූපයි. අලියා හොඳ සත්වයෙක්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos