-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු සිය නිල නිවෙසට ඉකුත් ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවල පාවිච්චි කළ විදුලිය වෙනුවෙන් අමාත්‍යංශයෙන් ගෙවා ඇති විදුලි බිල රුපියල් දෙලක්ෂ හතළිස් හය දහස් අටසිය
හතළිස් නවයයි ශත අනූහයකි. 2012.10.12 වැනිදා සිට 2012.11.08 වැනිදා දක්වා කාලයට රුපියල් එක්ලක්ෂ විස් පන් දහස් හත්සිය තිස්පහයි ශත හැට අටක්ද, 2012.11.08 වැනිදා සිට 2012.12.06 වැනිදා දක්වා වූ කාලයට රුපියල් එක් ලක්ෂ විසි එක් දහස් එකසිය දාහතරයි ශත විසි අටක්ද වශයෙන් ඉහත මුදල ගෙවා තිබේ.
නිල නිවෙසේ ඊට පෙර මාසවල පරිභෝජනය කර ඇති විදුලිය වෙනුවෙන් 2012.12.30 ඉදිරියට ගෙනා ශේෂය රුපියල් තිස් හතර දහස් අටසිය හැට තුනයි ශත හතළිස් දෙකකි.
මෙයට අමතරව මේ ඇමැතිවරයාගේ 2012.10.03 වැනිදා සිට 2012.11.04 වැනිදා දක්වා කාලයට නිවෙසේ ප්‍රයෝජනයට ගත් ජලය වෙනුවෙන් ජලාපවහන හා ජල සම්පාදන මණ්ඩලයට අමාත්‍යංශයෙන් ගෙවා ඇති මුදල රුපියල් හතළිස් පන් දහස් හාරසිය තිස් හතරයි ශත හතළිස් හයකි.
 අනුව මේ ඇමැතිවරයාගේ මාසික විදුලි බිල හා ජල බිල රුපියල් දෙලක්ෂයකට ආසන්න වේ.
ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ තුනහමාරක් බවද ගිණුම් ආරංචිවලින් පැවැසේ. ඉතාම අඩුවෙන් විදුලිය පාවිච්චි කරන ඇමැතිවරයකුගේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂය ඉක්මවන බවද ගිණුම් ආරංචිවලින් දැනගන්නට ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos