සිරකරුවන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කර එම මුදල් මාසිකව ඔවුන්ගේ පවුලේ යැපෙන්නන්ට ලබාදීමට පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
මරණ දඩුවමට නියම වූ සිරකරුවන්ට හැර අනිිත් සිරකරුවන් 1200 කගේ පමණ පවුල්වලට මේ මගින් සහනයක් සැලසෙන බව අමත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පැවසීය.
සිරගතවී මාස 6 කට පසු යොදවන වෘත්තීන් අනුව සිරකරුවෙකුට දෛනිකව දීමනාවක් ලබාදීම ඉංග‍්‍රීසි පාලන සමයේ සිට පැවත එන්නක් බව දෙපාර්තමේන්තුව කියයි.
සිරකරුවන් වර්ගීකරණය කරන ලද ශ්‍රේණීන් අනුව රුපියලේ සිට රුපියල් 2.50 දක්වා වූ දෛනික දීමනාවක් හිමිවන බවද එම මුදල වත්මන් ආර්ථික තත්ත්වයට කෙසේවත් නොගැලපෙන්නක් බවද අමාත්‍යවරයා කීය.