-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තොණ්ඩුව අතේ තබා ගෙන වැලිකඩට වී සිටින වෙලේ සුදා ගෙන් තරුණ නිළියන්ට මුදල්

හෙරොයින් ලෝකයේ නොමැකෙන නමක්‌ සනිටුහන් කරගෙන සිටින වෙලේ සුදා නමැති පාපකාරී චරිතය කලින් කලට ඉස්‌මතු වන්නේය. වෙලේ සුදා යෑයි කී පමණින් හෙරොයින් ජාවාරම සිහිපත් වන තරමටම මේ නරුම පුද්ගලයා හෙරොයින් ජාවාරම සමඟ බද්ධ වී සිටියි.

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවන් කීපදෙනාගෙන් එකකු වන වෙලේ සුදා පසුගිය 22 වැනිදා නැවතත් කරලියට ආවේය. ඒ මේ නරුම පුද්ගලයා බන්ධනාගාරය තුළ සිට මෙහෙයවන මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවීමත් සමඟය.


වෙලේ සුදාගේ ගෝලබාලයන් තිදෙනකු රුපියල් කෝටියකට අධික වෙළෙඳපොළ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක්‌ සමඟ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට කොටු වුණේ ඉකුත් 21 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ය. ඒ කිරුළපන හැව්ලොක්‌ පෙදෙසේ පිහිටි සුවිසල් තට්‌ටු නිවාස සංකීර්ණයක්‌ අසලදීය.

ශ්‍රී ලංකාවට තොගපිටින් හෙරොයින් පැටවීමේ මහා පරිමාණ ජාවාරම්කරුවන් අතරින් වෙලේ සුදාට හිමි වුණේ ඉහළම ස්‌ථානයකි. පාකිස්‌තානය, මලයාසියාව, ඩුබායි, ඉන්දියාව, ඇµaගනිස්‌තානය, සිංගප්පූරුව වැනි රටවල සැඟවී සිටිමින් වෙලේ සුදා ටොන් ගණනින් හෙරොයින් ශ්‍රී ලංකාවට එව්වේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමට දැඩි උත්සාහයක නිරත වුණේ මොහු අල්ලා ගැනීමට හැකි වුවොත් රටේ හෙරොයින් අලෙවියෙන් හරි අඩක්‌ අසුවන බව දැන සිටි නිසාය. ඒ මහන්සියේ ප්‍රතිඵලයක්‌ ලෙස වෙලේ සුදා නමැති පාපතරයා පොලිසියට කොටුවුණේ මීට වසර දෙකකට පමණ පෙර මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩු සමයේදීය. පාකිස්‌ථානයේ ලාහෝර් නගරයේදී එරට පොලිsසිය මගින් අල්ලා ගත් වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන්නේය.

Read more: ඔබ ගමන් කරන ගුවන් යානයක ඇති ඔබ මෙතෙක් කල් නොදැන සිටි රහස් මෙන්න >>> Plane secrets

පාකිස්‌ථානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කළේය. රටේ ප්‍රභූන් ලෙස හිඳ පිරුවට පොරවාගෙන සිටි පුද්ගලයන්ගේ මෙන්ම ජනප්‍රිය චරිත රැසක නිරුවත හෙළිවන්නට පටන් ගත්තේ වෙලේ සුදා කළ පාපොච්ඡාරණවලින් අනතුරුවය.

හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යැමට පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු වෙලේ සුදාට උපකාර කළේය. ඔහුට රැකවරණය ලබා දුන්නේය. ඒ හරහා මේ තරුණ දේශපාලනඥයා රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ගත්තේය.

මේ තරුණ දේශපාලනඥයා මාර්ගයෙන් වෙලේ සුදා එවකට පොලිසියේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කීපදෙනෙකු දැන හඳුනා ගත්තේය. එවකට උසස්‌ පොලිස්‌ නිලධාරීන්ට සුපිරි නිවාස ඉදිකර දීමට, ඉඩකඩම් මිලට ගෙන දීමට, නිවෙස්‌වලට සීසීටීවී කැමරා සවිකර දීමට වෙලේ සුදා දායක වන්නේ ඒ හරහා තමන්ගේ ජාවාරමට රැකවරණයක්‌ ලබා ගැනීම සඳහා ය.

දේශපාලනඥයාන්ට, පොලිස්‌ නිලධාරීන්ට පමණක්‌ නොව තරුණ නිළියන් වෙනුවෙන් ද අත දිගහැර මුදල් වියදම් කිරීමට වෙලේ සුදා පෙළඹෙන්නේ තම පංච ඉJද්‍රියයන්ගෙන් එක්‌ ඉJද්‍රියයක්‌ පිනවා ගැනීමේ අරමුණ ඇතිවය.
මේ ආකාරයට වෙලේ සුදාගෙන් මූල්‍යමය උපකාර ලබාගත් ප්‍රභූන් ඉහළ නිලධාරීන්, දේශපාලනඥයන්, නළු නිළියන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසකගේ නම් ලැයිස්‌තුවක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුය. වෙලේ සුදා නමැති පාපතර ජාවාරම්කරුවා හෙරොයින් ව්‍යාපාරය හරහා රුපියල් බිලියන ගණනින් මුදල් ඉපයුවේය. වරක්‌ ට්‍රැක්‌ටර් එන්ජින් තුළ සඟවා පාකිස්‌ථානයේ සිට හෙරොයින් කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාවට යෑව්වේය. වරින් වර සිදු වූ මේ ජාවාරම හෙළි වුණේ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. හෙරොයින් තොගපිටින් සඟවා ශ්‍රී ලංකාවට එවූ ට්‍රැක්‌ටර් සියයකට ආසන්න ප්‍රමාණයක්‌ පොලිසිය සොයා ගත්තේය. එහෙත් ඒ වන විට ඒවා තුළ සඟවා තිබූ හෙරොයින් රට පුරා බෙදාහැර හමාරය.

ඊට අමතරව තවත් විවිධ ක්‍රමෝපායන් යොදා ගනිමින් වෙලේ සුදා ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් ප්‍රමාණය කොතෙක්‌ දැයි නිශ්චය කරගත නොහැක.
වෙලේ සුදා සතුව තිබූ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක්‌ වටිනා ඉඩකඩම්, යාන වාහන, ගොඩනැඟිලි, නිවාස, මුදල්, රන් ආභරණ සියල්ල රාජසන්තක කෙරුණේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් වෙලේ සුදා අධිකරණයට ඉදිරිපත් කරීමෙන් පසු බන්ධනාගාරගත කෙරුණේය. වසරකට වැඩි කාලයක්‌ තිස්‌සේ වෙලේ සුදාට එරෙහිව තිබූ නඩුව මහාධිකරණයේ විභාග කළේය. අවසානයේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට වැරදිකරු වු වෙලේ සුදාට මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට අධිකරණය තීන්දු කළහ.

මුළු ශ්‍රී ලංකාවටම මහා පිළිලයක්‌ බවට පත්ව සිටි වෙලේ සුදා නමැති පාපතරයාට 2015 වර්ෂයේ ඔක්‌තෝම්බර් 15 වැනිදා මරණීය දණ්‌ඩනය ලබා දීමත් සමඟම රටේ හෙරොයින් ජාවාරමේ සැලකිය යුතු අඩුවක්‌ සිදුවනු ඇතැයි නීති ගරුක පුරවැසියෝ විශ්වාස කළෝය. වෙලේ සුදා නමැති ජාවාරම්කරුවා ජීවිතයේ ඉතිරි කාලය බන්ධනාගාර බිත්ති අතරට කොටු වී ගෙවා දමනු ඇතැයි ඔවුන් සිතුවෝය.

එහෙත් පසුගිය 21 වැනිදා අසන්නට ලැබුණේ රටේ නීතිගරුක පුරවැසියන් අන්දුන්කුන්දුන් කළ ප්‍රවෘත්තියකි. විධායක ජනාධිපතිවරයා නියම කරන දිනයකදී එල්ලා මැරීමට තීන්දු කර සිටින වෙලේ සුදා නමැති ජාවාරම්කරුවා බන්ධනාගාරය තුළ සිට නැවතත් මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට අසන්නට ලැබුණු ප්‍රවෘත්තියෙන් රටම කැළඹුණේය.”සුසේ” නමැත්තා වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමේ ප්‍රධානියෙකි. වෙලේ සුදා විසින් සිදුකළ ජාත්‍යන්තර හෙරොයින් ජවාරමේ සැලකියයුතු වැඩ කොටසක්‌ සිදු කළේ සුසේ ය. ඒ නරුමයා ද මේ වනවිට සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ ය.

ඒ මීට වසර දෙකකට පමණ උඩදී රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් තුනක්‌ සමඟ අත්අඩංගුවට පත්වීමෙන් පසුවය.
සුසේ දෙමළ ජාතිකයෙකි. අධ්‍යාපනය ලැබුවේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලකය.
කුමාර්හ සහ සන්දීප අධ්‍යාපනය ලැබුවේ ද “සුසේ” ගිය පාසලේම ය. පාසල හරහා කුමාර් හා සන්දීප් සුසේ දැන හඳුනා ගත්හ. හොඳ පවුල් පසුබිමක්‌a ඇති ඉහළ අධ්‍යාපනයක්‌ ලැබූ කුමාර්Êසහ සන්දීප් සුසේ ගේ හමුවීම හරහා හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූහ.

භාෂා තුන හතරක්‌ චතුර ලෙස හැසිරවීමේ හැකියාව ඇති භද්‍ර යෞවනයේ පසුවන මේ තරුණයන් දෙදෙනා සුසේ මාර්ගයෙන් වෙලේ සුදා මුණගැසී හෙරොයින් ජාවාරමේ භෞතීස්‌ම ලැබුවෝය. සලීම් මුස්‌ලිම් ජාතික තරුණයෙකි. අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්‌ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලකය. සලීම් කුමාර් සහ සන්දීප්ගේ ගජ මිතුරෙකි. සිය මිතුරන් දෙදෙනාගේ මාර්ගයෙන් සලීම් ද හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය.

හොඳ අධ්‍යාපනයක්‌ ලබා රටේ වැදගත් පුරවැසියන් වීමට පෙරුම් පුරමින් සිටි ළාබාල තරුණයන් දෙදෙනා වෙලේසුදා සහ සුසේ යන පාපතරයන් විසින් ප්‍රපාතයට ඇද දැමුවේය. වැඩි වෙහෙසක්‌ නොමැති සිදුÊකරන හෙරොයින් ව්‍යාපාරවලින් ලැබෙන අසීමිත මුදල් කන්දරාව නිසා ළාබාල තරුණයන් ඉතා කැමැත්තෙන් ඊට යොමු වූහ.

වෙලේ සුදා සහ සුසේ බන්ධනාගරගත වීමට පෙර සිටම මේ තරුණයන් තිදෙනා ඔවුන් සමඟ හෙරොයින් ව්‍යාපාරය කරගෙන ගියේය. වෙලේ සුදා බන්ධනාගාරගත වීමත් සමඟම මොවුන් වෙත වැඩි වගකීමක්‌ පැවරුණේය.

වෙලේ සුදා සහ සුසේ වැලිකඩ බන්ධනාගාරයේ සිටිය ද ඔවුන් සිය ව්‍යාපාර සුපුරුදු අන්දමින් කරගෙන ගියහ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වුණේ සැටලයිට්‌ පහසුකම් ඇති දුරකථන පමණය.

බන්ධනාගාරවල රාජකාරි කරන ඇතැම් දූෂිත නිලධාරීන් හරහා දුරකථන පහසුකම් ලබා ගන්නට වෙලේ සුදාට මෙන්ම සුසේට ද අපහසු නැත. සැටලයිට්‌ දුරකථන ඔස්‌සේ ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම නැවත ක්‍රියාත්මක කළ වෙලේ සුදා හෙරොයින් තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තේය.

ශ්‍රී ලංකාවට රැගෙන එන හෙරොයින් අලෙවි කිරීමට වෙලේ සුදාගේ කල්ලියේ සාමාජිකයන් පිරිසක්‌ කොළඹ නගරය පුරා විසිර සිටිති. වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරම ක්‍රියාත්මක වුණේ තනි ඒකකයක්‌ ලෙස නොව දම්වැලක පුරුක්‌ ආකාරයෙන්ය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ හෙරොයින් ජාලයේ සිටින සාමාජිකයන් එකිනෙකා නොහඳුනන පුද්ගලයන් වීමය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ද සිය ප්‍රහාරය සඳහා යොදා ගනු ලැබුවේ මෙම ක්‍රමවේදයමය.
ඔවුන් එසේ කරන්නේ සැලසුමේ එක්‌ පුද්ගලයකු අසුවුවොත් ඒ පුද්ගලයා මාර්ගයෙන් ජාලයට සම්බන්ධ සියලු දෙනා හසුවීම වැළැක්‌වීම සඳහා ය. බන්ධනාගාරයේ සිට වෙලේ සුදා ශ්‍රී ලංකාවට ආනයනය කරන හෙරොයින් තොගවලින් කොටසක්‌ අලෙවි කිරීමේ කාර්යය කුමාර්Êසන්දීප් සහ සලීම් වෙත පැවරී තිබිණි.

ප්‍රභූ පවුල්වල දරුවන් ලෙස පෙනී සිටින තරුණයන් පිළිබඳ කිසිවෙකුටත් සැක සංකා මතුවන්නේ නැත. මොවුන් හෙරොයින් ජාවාරමේ යෙදෙන බව බැලූ බැල්මට කිසිවකුටත් සිතා ගත නොහැක. ඒ පෙනුම සමාජ පිළිගැනීම දඩමීමා කර ගනිමින් මොවුන් තිදෙනා මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණහ.
හැව්ලොක්‌ පෙදෙසේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් මාසික කුලී පදනම මත මොවුන් නිවසක්‌ වෙන් කර ගත්හ. ඒ සඳහා මාසික කුලිය ලෙස රුපියල් එක්‌ලක්‍ෂ තිස්‌දහසක මුදලක්‌ ගෙවා දැමුවේය. සුපිරි නිවාසයේ සිට මොවුන් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියහ.

කුමාර්සන්දීප් සහ සලීම් විසින් කාලයක්‌ තිස්‌සේ කරගෙන ගිය හෙරොයින් ජාවාරම පිළිබඳ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත තොරතුරක්‌ ලැබුණේය. එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මාස ගණනක්‌ තිස්‌සේ මේ තරුණයන්ගේ හැසිරීම පිළිබඳ නිරීක්‍ෂණය කරන්නට වූහ.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරින්ගේ ප්‍රයත්නය සාර්ථක වුණේය. කුමාර් සන්දීප් සහ සලීම් හෙරොයින් තොගයක්‌ අලෙවි කිරීමට යන බවට පසුගිය 21 වැනිදා මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත තොරතුරක්‌ ලැබුණේය. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසක්‌ හැව්ලොක්‌ සුපිරි නිවාස සංකීර්ණය අසල රැකවල්ලාගෙන සිටියහ. මෙහෙයුම සාර්ථක වුණේය. වෙලේ සුදාගේ ගෝල බාලයන් තිදෙනා වූ කුමාර් සන්දීප් සහ සලීම් හෙරොයින් කිලෝ ග්‍රෑමයක්‌ රැගෙන මහල් නිවසින් පිට වන්නට සූදානම් වූහ.

රැකසිටි පොලිස්‌ නිලධාරීන් ජාවාරම්කරුවන් තිදෙනා අත්අඩංගුවට ගත්හ. ඔවුන් සතුව රුපියල් කෝටියකට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ විය.
ජාවාරම්කරුවන්ට අයත් අති සුඛෝපභෝගී ජීප් රථ දෙකක්‌ ද රුපියල් ලක්‍ෂ හතක මුදලක්‌ ද අත්අඩංගුවට ගත්තේය. ජාවාරම්කරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී වෙලේ සුදා සහ සුසේ විසින් බන්ධනාගාරයේ සිට කරගෙන යන හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළි වුණේය.

හෙරොයින් බොන, කුඩු පැකට්‌ටුවක්‌ අලෙවි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන හෙරොයින් ජාවාරම මර්දනය කළ නොහැකි යන මතයක්‌ ජනතාව අතර පවතී. හෙරොයින් ජාවාරම මර්දනය කිරීමට නම් මහා පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත යුතු යෑයි නීතිගරුක පුරවැසියන් විශ්වාස කළහ.

මේ වන විට හෙරොයින් ජාවාරමේ අංක එකේ ජාවාරම්කරුවන් වන වෙලේ සුදා, සිද්ධික්‌, සේල් වසන්ත, මොහොමඩ් ශියාම් ඇතුළු ජාවාරම්කරුවන් රැසක්‌ සිටින්නේ බන්ධනාගාරගතවය. එහෙත් රටේ හෙරොයින් අලෙවියේ අංශු මාත්‍රයකවත් අඩුවීමක්‌ දක්‌නට නොමැත. එසේ නම් වැරදී ඇත්තේ කොතැනද? වැරදී ඇත්තේ කාට ද යන්න සොයා බැලිය යුතුය.

මේ වන විට බන්ධනාගාරවල ක්‍රියා කලාපය පිළිබඳ කිසිසේත් ම සෑහීමට පත්විය නොහැක. අපරාධකාරයන් වැඩිපුරම අපරාධ කරන්නේ බන්ධනාගාරවල සිටය. ඒ සඳහා ඔවුන්ට නීතියෙන් රැකවරණයක්‌ ලැබී ඇත්තේය. මහජන මුදලින් බඩකට පුරවා ගන්නා මේ කාලකණ්‌ණින් බන්ධනාගාරවල රැකවරණය ලබමින් රිසි සේ අපරාධවල නිරත වෙති. ඒ සඳහා ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහායකි. මිල මුදලට විවිධ සන්තෝෂම්වලට ජාතියම පාවාදෙන බන්ධනාගාර නිලධාරීන් අද වන විට සුලභය.

මේ වන විට වැඩිපුරම කප්පම් එකතු කරන්නේ බන්ධනාගාරවල රඳවා සිටින අපරාධකාරයන් ය. කොන්ත්‍රාත් මිනීමැරුම්. කොල්ලකෑම්, පැහැරගෙන යැම් අවි ආයුධ ජාවාරම් ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් විසින්ය. ඒ සඳහා ඔවුන්ට ආරක්‍ෂාව පිළිබඳ සහතිකයක්‌ ද ලැබී තිබෙයි.
හෙරොයින් ජාවාරම්කරුවන් තොග පිටින් අත්අඩංගුවට ගෙන බන්ධනාරගත කළ ද ඔවුන්ට මරණ දඬුවම ලබා දුන්නද හෙරොයින් ජාවාරම ඔවුන් රිසි සේ කරගෙන යැම වැළැක්‌වීමට නොහැකි තත්ත්වයක්‌ උදා වී තිබෙයි.

බන්ධනාගාර නිලධාරීන් මේ අපරාධකරුවන්ට උපකාර කරන තාක්‌ කල්, අපරාධකරුවන්ට සන්නිවේදන භාවිතය තිබෙන තාක්‌කල් මේ අපරාධ මර්දනය කිරීම කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

මුළු රටටම පිළිලයක්‌ බවට පත්ව සිටින පාපතරයන් රැසක්‌ කොළඹ අග නගරයේ රඳවාගෙන ඔවුන් මහජන මුදලින් පෝෂණය කරමින් සිටීම පිළිබඳව දෙවරක්‌ සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.

ඇමරිකාව, එංගලන්තය, සිංගප්පූරුව වැනි සුපිරි රටවල දරුණු අපරාධකාරයන් බන්ධනාගාරවල ගාල් කිරීමට ඉතාම සුවිශේෂ ක්‍රම අනුගමනය කරති. දරුණු ගණයේ අපරාධකරුවන් සාමාන්‍ය ජන සමාජයෙන් තොර දූපත්වලට රැගෙන ගොස්‌ ඒවායේ ගාල් කර තැබීමේ ක්‍රම මේ දියුණු රටවල් අනුගමනය කරති.
කිසිම සන්නිවේදන ක්‍රමයක්‌ නොමැති හුදකලා ප්‍රදේශයක දරුණු අපරාධකරුවන් රැඳවා තැබීමෙන් ඔවුන් සාමාන්‍ය සමාජය සමඟ කෙරෙන ගනුදෙනු අවම කර ගත හැක.

එසේ නම් අප අනුගමනය කළ යුත්තේ ද එවැනි ම ක්‍රියාමාර්දුයකි. අන්ත දූෂිත අපරාධකාරයන් එක්‌කෝ දූපතක ඉදිකළ බන්ධනාගාරයක ගාල් කළ යුතුය. එහෙමත් නැත්නම් මොවුන් විසින් අපරාධ කිරීම සඳහා යොදාගන්නා සන්නිවේදන ක්‍රම නතර කළ යුතුය.

එසේ නොකරන තාක්‌ කල් ජාලගතව සිදුවන මේ අපරාධ ක්‍රියාවන් මෙන්ම හෙරොයින් ජාවාරම නතර නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week