-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඉස්ලාමීය රාජ්‍යයට (IS සංවිධානයට) බැදුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ යුවළක් මාස දෙකකට වැඩි කලක් ශ්‍රී ලංකාවේ නැවතී සිටීමෙන් පසු අතුරුදන් වී ඇතැයි ඉන්දියාවේ INDIAN EXPRESS පුවත්පත සදහන් කරයි.

මේ යුවළ පිළිබද ආරංචිය එම පුවත්පතට ලැබී ඇත්තේ ඉහළ මට්ටමේ තොරතුරු මාර්ගවලිනි.


ඉන්දීය බුද්ධි අංශවලට අනුව ඉස්ලාමීය අධ්‍යයනයන් සදහා ශ්‍රී ලංකාව කේන්ද්‍රසස්ථානයක් වී තිබේ. විශේෂයෙන්ම වහබ්සම් (Wahhobism) ඉස්ලාමීය දහම අදහන සලාෆි (Salafi) ඉස්ලාමීය නිකායේ තෝතැන්නක් වී ඇත. ‘ඉන්දියා එක්ස්ප්‍රස්’ පුවත්පත වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකාව විශාල ආරක්ෂක බාධක නොමැති ඉන්දීය ජාතිකයන්ට පැමිණිය හැකි රටක් ද වී තිබේ.

ඉස්ලාමීය රාජ්‍යයට (IS) බබැදී ඇතැයි කියන කේරළ යුවළ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔළුුන් දෙමසක් මෙහි ගත කිරීමෙන් පසුව කොච්චි (Kochchi) කරා ගිය බවත් නම හෙළිදරවු නොකරන ප්‍රකාශකයකු ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට කියා ඇත.

මාධ්‍ය මගින් හෙළිදරවු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පැවැත් වූ බවත් ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම යුවළ ශ්‍රී ලංකාවට පැමිණි බව ප්‍රතික්ෂේප කර ඇති බබවත්, පුවත්පත සදහන් කරයි. තමා බුද්ධි අංශ වලින් විමසූ අතර එවැනි කේරළ යුවළක් රටට ඇතුළු වූ බවට හෝ ශ්‍රී ලංකාවේ තාවකාලිකව නැවතී සිටි බවට හෝ තොරතුරක් නැති බවත් අජිත් රෝහණ මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ පිහිටි සලාෆි පදනමේ නිලධාරියකු සදහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් නොවන අය එහි පැමිණි බවට තොරතුරක් තමා වෙත නැති බවයි මීගමුවේ පිිහිටි සලාෆි මැදදුර නිවෙසක පිහිටි කුඩා ස්ථානයක් බවද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකාවේ ජමියතුල් උලමා සංවිධානයේ ලේකම්වරයාට ද කියා සිටින්නේ සලාෆි ඉගෙනීම සදහා කිසිදු විදේශිකයකු ලංකාවට පැමිණීමක් ගැන තමා නොදන්නා බවයි. තව්හීඩ් නායක යුස් නූස් දද මෙරටට පැමිණි කේරළ යුවළක් ගැන නොදන්නා බව ප්‍රකාශ කර තිබේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos