පූජා උමාශංකර් යනු ඉන්දු-ශ්‍රී ලාංකික සම්භවයක් සහිත,දෙමළ, සහ සිංහල සිනමාවේ, ජනප්‍රිය හා සම්මානනීය රංගන ශිල්පිණියකි.
ඇය 2009 වසරේදී රංගනයෙන් දායක වූ, බාලා විසින් අධ්‍යක්ෂණය කරන ලද නාන් කඩවුල් (Naan Kadavul) චිත්‍රපටිය, ඇගේ සිනමා දිවියේ හොඳම රංගනය සහිත චිත්‍රපටිය ලෙස සැළකෙයි.
ශ්‍රී ලාංකික සිංහල මවකට හා ඉන්දියානු කර්ණාටක පියෙකුට දාව, 1981 ජුනි 25 දින ශ්‍රී ලංකාවේදී පූජා උපත ලැබුවාය.
ශ්‍රී ලංකාව තුලදී සිය පෙරපාසල් අධ්‍යාපනය හමාර කල පූජා, පසුව ඉන්දියාව වෙත සංක්‍රමණය වූවාය.
එහිදී Aldur හී Poornapragnya වෙතිනුත්, පසුව මයිසෝර් (Mysore) හී නිර්මලා කන්‍යාරාමය වෙතිනුත් ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවාය.
ඉක්බිති බැංගලෝරයේ බෝල්ඩ්වින්ස් බාලිකා උසස් පාසලෙන්ද සිය අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ගත් පූජා, බැංගලෝරයේම මවුන්ට් කාමල් විද්‍යාලයෙන් B.Com උපාධියක් සහ MBA පශ්චාත් උපාධියක් හිමි කර ගත්තාය.
කන්නාඩා,සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා හැසිරවීමේ හැකියාවද පූජා සතු බව සඳහන් වෙයි.
නමුත් තවමත් නිවැරදිව සිංහල හැසිරවීමට නොහැකි ඇයට මෑතක දී ලොකු වැරදීමක් සිදුව තිබේ.
ප්‍රසිද්ධ නාලිකාවක පැවති නර්තන තරඟයක දී ඇය ලංකාවේ ප්‍රසිද්ධ නළුවෙකුට නොදැනුවත්ව බැන වැදී ඇත.
එම වීඩියෝව පහතින් නරඹන්න