-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සියලූ සුදුසුකම් සපුරා තිබෙන හෙයින් ඊට අනුමැතිය ලබා දීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට සිදු වනු ඇති බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
එම ආයතනයට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවලබා දී තිබූ සියලූ කොන්දේසි මේ වන විට සපුරා ඇති බව ද ඇමතිවරයා කියයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් එම ආයතනයට අයත් ශික්ෂණ රෝහලෙන් සහ කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයකින් සායනික පුහුණුව ලබමින් සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙරට තුළ තවත් පෞද්ගලික වෛද්‍ය පීඨ කිහිපයක් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු සිදු වෙමින් පවතින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos