-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අඟුලාන ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමී යැයි අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ සිවුදෙනකුට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (2) තහවුරු කළේය.
මහාධිකරණය විසින් විත්තිකරුවන් වරදකරුවන් කරමින් පනවා තිබූ මරණ දඬුවමට එරෙහිව විත්තිකරුවන් ගොනු කර තිබූ අභියාචනය විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීන්දුව විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය ප්‍රකාශයට පත් කළාය.

චන්ද්‍රා ඒකනායක , සත්‍ය හෙට්ටිගේ , ප්‍රියසද් ‍‍ඩෙප් සහ ඊවා වනසුන්දර විනිශ්චය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයයෝ වූහ.

පිටු 71කින් සමන්විත තීන්දුව මගින් පෙත්සම්කරුවන්ගේ අභියාචනය නිශ්ප්‍රභා කෙරිණි. මරණ දඬුවමට අමතරව විත්තිකරුවන්ට පනවා තිබූ වසර හතළිහ බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඬුවමද තහවුරු කෙරිණි. පොලිසි කොස්තාපල් ඉන්ද්‍රවංශ කුමාරසිරි , ස්ථානාධිපති ටී.ඩී. නිව්ටන් , කොස්තාපල් ජයරත්න ධම්මික නිහාල් සහ ග්‍රාමාරක්ෂක ජනප්‍රිය සේනාරත්න විත්තිකරුවෝ වෙති.

දිනේෂ් තරංග ප්‍රනාන්දු සහ ධනුෂ්ක උදයකාන්ත අපෝන්සු නැමැති විසි හැවිරිදි වයස්වල පසු වූ තරුණයන් දෙදෙනා 2009 අගෝස්තු 12 දා පැහැර ගෙන ගොස් මරා දැමී යැයි නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ අධිචෝදනා 8ක් යටතේ ඒවා විභාග කිරීමට එවකට අගවිනිසුරු අසෝක ද සිල්වා මහතා විසින් පත් කෙරුණු දිපාලි විජේසුන්දර, ඩබ්ලිව් .ටී.එම්.පි.බී. වරාවැව සහ කුමුදුණි වික්‍රමසිංහ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ 2010 අගෝස්ත 19 දා සිට කොළඹ මහාධිකරණය හමුවේ විභාග විය.

හමුදා නිලධාරින් යැයි පවසා රාත්‍රි කාලයේදි නිවසකට ඇතුළු වී නිවසේ තරුණියකට අතවර කිරිමට තැත් කළේ යැයි එම තරුණි‍යගේ මව කළ පැමිණිල්ලක් අනුව මිය ගිය තරුණයන් දෙදෙනා විත්තිකරුවන් විසින් අත්අඩංගුවට ගෙන අඟුලාන පොලිසියට රැගෙන ගිය බව නඩු විභාගයේදී අනාවරණය විය.

පොලිස් අත්අඩංගුවේ සිටියදි අත්වලට මාංචු දමා හිස් පොලිතින් කවරවලින් ආවරණය කර ජීප් රථයෙන් ලුනාව පාලම අසලට ගෙන ගොස් එක් තරුණයකු බස්සවා ඔහුට වෙඩි තැබූ බවත් අනෙක් තරුණයා රත්මලාන මුහුදු වෙරළටත් ගෙන ගොස් එහිදි වෙඩි තැබූ බවත් නඩු විභාගයේදි හෙළිදරව් විය.

විත්තිකරුවන් තරුණයන්ට වෙඩි තබනු ඇසින් දුටු එකම සාක්කියක්වත් ඉදිරිපත් නොවුණු නමුදු වෙඩි තැබුවේ විත්තිකරුවන් බව පරිවේශනිය සාක්කි මගින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු වූ බව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය තීරණය කර තිබිණි. 2011 අගෝස්තු 25 දින මහාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එළඹුණු එම තිරණය තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ට නියම වී තිබූ දඬුවම් සියල්ලම ඒකමතිකව ස්ථිර කළේය.
රජයේ නිතීඥ චමින්ද අතුකෝරාල මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතීඥ ජයන්ත ජයසූරිය මහතා නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නිතීඥවරුන් වන ඩී.පී.කුමාරසිරි, අනිල් සිල්වා නීතීඥ සාලිය පීරිස් මහත්වරුන් විත්තිකරුවන්‍ වෙනුවෙන් පෙනී සිටි‍යේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos