-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මේ දිනවල පවතින දැඩි උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් සරම්ප, පැපොල, ඇස් රෝග වැනි වෛරස් රෝග කුඩා දරුවන් අතර බහුලව පැතිර යාමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවට ඉර මුදුන් වීමත් සමඟ දැඩි උණුසුම් සහිත කාලගුණයක් පවතින බවත් හිරු එළියට නිරාවරණය වීම නිසා විවිධ වෛරස් රෝග පැතිර යාමේ අවදානමක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
හිරු රැස්වල පවතින දැඩි උණුසුම් තත්ත්වය නිසා කුඩා දරුවන්ගේ සිරුරෙහි දහඩිය බිබිලි මතු වීම සිදු වන්නේ යැයි ද ඇතැම් විට එම බිබිලි පැසවීම හේතුවෙන් බැක්ටීරියා ආසාදනය වීම සිදු විය හැකි යැයි ද හෙතෙම කීය.
බැක්ටීරියා ආසාදනය වීමෙන් ඇතැම් විට එය වකුගඩු, හෘදය, මොළය යනාදී ඉන්ද්‍රියන්ට අහිතකර බලපෑම් සිදු කරන බව ද වෛද්‍ය දීපාල් මහතා පැවැසුවේය.
දිනකට දෙවරක් ස්නානය කිරීම මඟින් සිරුරෙහි පවතින දැඩි උණුසුම් ගතිය පාලනය කළ හැකි බවත් නිතර පිරිසිදුව සිටීමෙන් රෝග බෝ වීමෙන් වැළැකී සිටිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දරුවන්ට විජලනය ඇති වීම ද මේ කාලගුණික තත්ත්වය යටතේ සිදු විය හැකි බවත් වැඩිපුර ජලය බීමට දීමෙන් මේ තත්ත්වයෙන් දරුවන් බේරා ගත හැකි බවත් හෙතෙම පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos