-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වර්තමානයේ රට තුළ පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා ජල පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල මුලාශ‍්‍රාවල ජලය සිඳීයෑමේ ප‍්‍රවණතාවයක් පවතින බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. එබැවින් ජල පාරිභෝගිකයන්ට සතුටුදායක ලෙස ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද එහි සඳහන්. 

මේ අතර, කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට (04) සහ අනිද්දා (05) පැය කිහිපයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසනවා. හෙට රාති‍්‍ර දහයේ සිට අනිද්දා පෙරවරු අට දක්වා පැය 10 ක කාලයක් නුගේගොඩ, විජේරාම, නාවල, මාදිවෙල, මහරගම, බොරලැස්ගමුව සහ කැස්බෑව යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම, හෙට රාති‍්‍ර 09 සිට අනිද්දා උදෑසන 10 දක්වා පැය 13 ක කාලයක් මට්ටක්කුලිය, කොටහේන, මෝදර, කොටුව යන ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ඊට අමතරව හෙට රාති‍්‍ර 09 සිට අනිද්දා අළුයම 05 දක්වා හෝකන්දර, අරංගල හන්දිය සිට විදුහල හන්දිය දක්වා සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos