-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එකසත් ජනතා නිදහස් සන්ධානය කොළඹ දිස්ත්‍රික්කය තුළ පසුබෑමට ලක්වී ඇති බවත් ඊට හේතුව වන්නට ඇත්තේ පැල්පත් වාසීන් ඉවත් කිරීමේ වැඩපිළිවෙල බව තමා විශ්වාස කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසයි.
"දෙරණ 360" රූපවාහිනී වැඩසටහනට සහභාගි වෙමින් හිරුණිකා මේ බව කියා සිටියේ එම වැඩසටහන මෙහෙයවන දිල්කා සමන්මලී මහත්මිය නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
එහිදී හිරුණිකා මෙනවිය පවසන්නේ "මේ ආණ්ඩුව පවතින්නේ හුදෙක් ජනාධිපතිවරයා යන සාධකය මුල්කරගෙන" බවත් "ආණ්ඩුවේ අනෙක් අය ආණ්ඩුවේ පැවැත්ම සඳහා එතරම් මෙහෙයක් සිදු නොකරන" බව පවසා අත.
මෙම පැල්පත් ඉවත් කිරීමේ කටයුත්ත භාරව කටයුතු කරන්නේ නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයෙන් වන අතර එහි ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මගින් මෙහි පූර්ණ අධීක්ෂණය සිදු කරනු ලැබේ.
කෙසේ නමුත් එම පැල්පත් වාසීන්ට සිදුවන අසාධාරණයට එරෙහිව එම ජනතාව සගම එක්ව කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරකි මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතාය.
දූෂන අක්‍රමිකතා ඇතුළු ආණ්ඩුවේ මෙම තත්වයන් නිවැරදි කර ගැනීමට වහා පියවර නොගත හොත් අනාගතයේ විශාල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය බවද ඇය පවසා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos