මගී ප‍්‍රවාහනයේ යෙදෙන පුද්ගලික බස් රථ සේවකයන් විසින් සිදු කරන වැරදි වලට වෙන වෙනම රියදුරන්ගෙන් කොන්දොස්තරවරයාගෙන් සහ බස් හිමියාගෙන් දඩ මුදල් අය කර ගැනීමේ ක‍්‍රමවේදයක් හදුන්වාදීමට මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරිය කටයුතු සැලසුම් කර තිබේ.
ඒ අනුව මාර්ග වැරදි, අධික ලෙස මගීන් පටවාගෙන යෑම, මන්දගාමී ප‍්‍රවාහනය, බස් නැවතුමක බොහෝ කාලයක් බස් රථය නවතා ගෙන සිටීම, මගීන් පටවාගෙන ඉන්ධන පිරවීමට යෑම රියදුරාගේ වැරදි ලෙස මෙම නියෝග යටතේ වර්ගීකරණය කර තිබෙන අතර, කොන්දොස්තරවරයාගේ වැරදි ලෙස මගීන්ට ප‍්‍රවේශ පත‍්‍ර ලබා නොදීම, ඉතිරි මුදල් ලබා දීමේදී සිදු කරන ලද වංචාවන්, මගීන්ට හිංසා වන ආකාරයෙන් කටයුතු කිරීම සදහන් කර ඇත.
බසයේ පිරිසිදුකම රැක ගැනීම, බස් රථයේ වාහන අංකය සහ විශේෂ මගී ආසන වෙන් කිරීම වෙනුවෙන් ස්ටිකර් දැන්වීම් අලවා තිබීම, මගී ආසන සහ බස් රථය මගී සුව පහසුව වෙනුවෙන් කටයුතු කර නොතිබීම ආදිය බස් හිමියාගේ වැරදි ලෙස මෙම නව නියෝගයන්ට අයත් වේ.