එලිෆන්ට් හවුස් සොසේජස් පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති එෆීස් සම්මාන උළේලෙදී Renaissance (පුනරුද) අංශයෙන් සම්මානයට පාත්‍ර විය. ඒ 50 වසරක් පුරා ජනාදරයට පත් එළිෆින්ට් හවුස් සොසේජස් යළි එළි දැක්වීම
එලිෆන්ට් හවුස් සොසේජස් පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති එෆීස් සම්මාන උළේලෙදී Renaissance (පුනරුද) අංශයෙන් සම්මානයට පාත්‍ර විය. ඒ 50 වසරක් පුරා ජනාදරයට පත් එළිෆින්ට් හවුස් සොසේජස් යළි එළි දැක්වීමවෙනුවෙන් දියත් කළ ‘ඔබේ රහස බෙදාගන්නේ කා සමග ද’ යන ප්‍රචාරණ වැඩසටහන වෙනුවෙනි.
ශ්‍රී ලංකා අලෙවි ආයතනය (SLIM) සහ 4 A’s සහයෝගීතාවයෙන්, නිර්මාණශීලීව පාරිභෝගිකයින් වෙත වඩාත් සමීප වූ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල පැවැත්විණි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් අනූන වූ මෙම සම්මාන උළෙලේදී පිරිනැමුණු සම්මානයන් සඳහා, අලෙවි හා දැන්වීම් නිර්මාණ ක්‍ෂේත්‍රයේ අත්දැකීම් බහුල විනිශ්චය මණ්ඩලයක් විසින් විනිශ්චයන් සිදුකරනු ලැබිණි.
මේ පිළිබඳව අදහස් දක්වන කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් හි අලෙවි ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ සහකාර උප සභාපතිනී සමරි ඉහළගෙදර මහත්මිය “කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් PLC මෙන්ම එලිෆන්ට් හවුස් සොසේජස් වෙත මෙවන් සම්මානයක් පිරිනැමුණු පළමු අවස්ථාව මෙයයි. අපි අතිශයින්ම සතුටට පත්වනවා මෙවන් ගෞරවනීය සම්මානයක් හිමිවීම පිළිබඳව” යනුවෙන් පැවැසුවාය.