-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට විරෝධය පළකරමින් මැතිවරණ දෙපාර්තමේන්තුවට විරෝධතාවක්‌ ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකරන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබියදී ඔහු මෙවර පළාත් සභා මැතිවරණයේ දී පිළියන්දල බටකැත්තර ප්‍රදේශයෙන් ඡන්දය ප්‍රකාශ කළේ කෙසේදැයි මහින්ද දේශප්‍රිය මහතාගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්‌ථාවේ ඔහු එසේ කීය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දේශප්‍රිය මහතා මෙසේද කීය. 

යම් පුද්ගලයකු නිවැරැදි ආකාරයෙන් ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අයෑදුම් කර ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් වී තිබේ නම් ඔහුට හැඳුනුම්පත භාවිතා කර ඡන්දය දීමට පුළුවන්. ඔහුට විරුද්ධ යම් විරෝධතාවක්‌ ලිඛිතව එල්ල වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර විසඳුමක්‌ ලබා ගැනීමට මැතිවරණ කොමසාරිස්‌වරයා හැටියට මට කටයුතු කළ හැකියි.

යම් කෙනෙක්‌ මගේ කාර්යය පඹයකු ලෙස දකිනවා නම් එය මම අගය කරනවා. මොකද මළ මිනියක්‌ වීමට වඩා පඹයෙක්‌ ලෙස පෙනී සිටීම හොඳයි. පඹයෙක්‌ ලෙස යම් කෙනෙක්‌ හැසිරෙනවා නම් පඹයා යනු යම්කිසි භෝගයක්‌ ආරක්‍ෂා කර ගැනීම සඳහා ආරක්‌ෂාවට යොදන පණ නැති වස්‌තුවක්‌. ඒ අයුරින් මා හැසිරෙන බව යම් දේශපාලනඥයෙක්‌ කියනවා නම් එය මා අගය කරනවා.

මොකද දේශපාලනඥයා නමැති සත්වයාගෙන් මහජනතාව නමැති භෝග ආරක්‌ෂා කර ගැනීමට පඹයා ලෙස මා කටයුතු කර තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos