භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා පත්‍ර අද කොළඹ මහසේත්‍රාත් අධිකරණය හමුවේදී එහි විත්තිකරුවන්ට භාර දුන්නේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙකු එහි විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා අයුතු ජන රාශිය විත්තිකරුවන්ට එරෙහි ව එල්ලවී ඇති චෝදනාවන් ය.
මෙහිදී අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විත්තිකරුවන්ගෙන් විමසා සිටියේ මීට අදාළව ඔවුන්ගේ සාක්ෂි ලබා දීමට සූදානම් ද යන්න පිළිබඳව ය.
එම නඩුව මහාධිකරණයට යොමු කළ අවස්ථාවේ සාක්ෂි ලබා දීමට සූදානම් බව ඊට ප්‍රතිචාර දැක් වූ විත්තිකරුවන්ගේ නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ ය.