-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දිවයිනට එවා නැති ශ්‍රී ලාංකිකයින්ගේ සිරුරු 20ක් පමණ සෞදි අරාබියේ මෘත ශරීරාගාර තුළ ඇතැයි, ඇරබ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ, 2012 වසරේ ජනවාරි සහ ඔක්තෝබර් කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට එවා ඇති මළ සිරුරුවලින් 75%ක් වයස අවුරුදු 30ට අඩු කාන්තාවන්ගේ බව ය.
එම කාල සීමාව තුළ ගල්ෆ් රටවල සේවය කරමින් සිටියදී මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථික සංගමය දැඩි අවධානය යොමුකර තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වෛද්‍ය නිලධාරියකු උපුටා දක්වමින් ඇරබ් නිව්ස් වෙබ් අඩවිය පැවසුවේ මින්  වැඩි ප්‍රමාණයක් හෘදය වස්තුව නැවතීමෙන් සිදු වූ මරණ බව ය.
එමෙන් ම එලෙස එවන සිරුරුවලින් වැඩි ප්‍රමාණයක අභ්‍යන්තර අවයව අතුරුදන්ව තිබූ බව ද ඇරබ් නිව්ස් වාර්තාවේ සඳහන් ය.
රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු උපුටා දක්වන එම වාර්තාවෙන් අනාවරණය කර තිබුණේ සෑම දිනක ම රටින් පිටත වෙසෙන එක් ශ්‍රී ලාංකිකයෙකු හෝ මිය යන බව ය.
එරටදී මිය යන දෙදෙනෙකුගේ සිරුරු තානාපති කාර්යාලය දිනපතා ඥාතීන්ට භාර දීම සඳහා කොළඹට යවන බව ද ඇරබ් නිව්ස් වාර්තාවේ දැක් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos