-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


20-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද පැවති තරඟයෙන් කොදෙවු පිල පරදා ලකුණු 27ක ජයග‍්‍රහණයක් ලබා ගන්නට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කල කොදෙව් කණ්ඩායම පන්දු වාර 13.5කදී කඩුළු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියදී ඇද හැළුනු වර්ෂාව නිසා ඩක්වට් සහ ලූවිස් ක‍්‍රමය අනුව ශ‍්‍රී ලංකාවට ජය හිමිවිය.
ඒ අනුව ලබන ඉරිදි දිනයේ පැවැත්වෙන අවසන් මහ තරඟය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා සිටින අතර හෙට පැවැත්වෙන ඉන්දීය දකුණු අප‍්‍රිකා තරඟයෙන් ජයග‍්‍රහණය කරන කණ්ඩායම සමඟ ශ‍්‍රී ලංකා කණ්ඩායම තරඟ වදිනු ඇත.

ලකුණු පුවරුව මෙතනින්

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos